Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පාකිස්තානය විසින් කරන ලද ෂෙල්වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සිව්දෙනකු මියගොස් තිබේ. මේ හේතුවෙන් ලබන මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියෙන් තමන් ඉවත්වන බව ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණ.
“පක්ටිකා ප්‍රදේශයට ගිය උර්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රාණ පරිත්‍යාගය පිළිබඳව ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය සිය සාතිශය සංවේගය පළකර සිටී. පාකිස්තානු ආක්‍රමණිකයන් විසින් ඔවුන් ඉලක්ක කර තිබිණ.” යයි ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයකින් කියැවේ.
පාකිස්තානු ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානුවන් 8 දෙනකු මියගිය අතර තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. මියගිය 8 දෙනා අතරේ සිටි ක්‍රීඩකයන් තිදෙනා කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් ලෙසින් හඳුනාගෙන තිබේ.
මෙම ක්‍රීඩකයන් ඇතුළු පිරිස උර්ගන් ප්‍රදේශයේ සිට පක්ටිකා පළාතේ ප්‍රධාන නගරය වන ශරානා වෙත ගොස් ඇත්තේ සුහද ක්‍රිකට් තරගයකට සහභාගි වීමේ අරමුණිනි. ඔවුන් නැවත උර්ගන් වෙත පැමිණි පසුව එකතු වූ අවස්ථාවකදී පාකිස්තානුවන්ගේ ඉලක්කයක් වී ඇතැයි ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවෙයි.
“මෙම යුද උන්මත්කයන් විසින් අහිංසක සිවිල් වැසියන් සහ අපගේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඝාතනය කිරීම දරුණු මෙන්ම සමාව දිය නොහැකි අපරාධයක්” යයි ඇෆ්ඝනිස්ථානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ෆසාල්හක් ෆාරුකී සිය මුහුණු පොතේ සටහනක් දමා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.