Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තුන්වැනි දින තේ පානයෙන් පසුව පිට පිටම කඩුලු දෙකක් දවාගත් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් මැන්චෙස්ටර් නුවර ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නේය. එතැනින් වැඩ ආරම්භ කළ ජේම්ස් ඇන්ඩසන් සහ ඔලී රොබින්සන් දෙදෙනා, එංගලන්ත කණ්ඩායම, ඉනිමක සහ ලකුණු 85 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.
මුල් ඉනිමේදී ලකුණු 264 ක අවාසියකට මුහුණ දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි ඉනිමේදී පිති අතට ගත්තේ ඉනිමක පරාජයෙන් ගැලවීමේ මූලික අභිප්‍රායෙනි. එහෙත් ජේම්ස් ඇන්ඩසන් (30/3), ඔලී රොබින්සන් (43/4) සහ බෙන් ස්ටෝක්ස් (30/2) හමුවේ සංචාරකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 179 ක් පමණකි.
මෙම ජයත් සමගින් එංගලන්ත ක්‍රීඩකයෝ, තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ. පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයත් දින 3 කදී නිමාවට පත්විය.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනංවා සිටි කීගන් පීටර්සන් (42) සහ රාසි වැන්ඩර්’ඩසන් (41) දෙදෙනා දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු නොනිවී දල්වාගෙන සිටියහ. එහෙත් ලකුණු 10 ක් ඇතුළත මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ එංගලන්ත නායකයා, තමන් හමුවේ තිබූ බාධක දෙකම ඉවත් කරගත්තේය.
දකුණු අප්‍රිකානුවන් කඩුලු 5 කට ලකුණු 151 ක් ලබා සිටියදී දෙවැනි නව පන්දුව ඉල්ලාගත් ස්ටෝක්ස් එය 40 හැවිරිදි ජේම්ස් ඇන්ඩසන් අත තැබීය. ඇන්ඩසන් සහ ඔලී රොබින්සන් එක්ව දකුණු අප්‍රිකානු ඉනිමේ අග කොටස සුද්ධ කර දැමූහ.
අවසන් කඩුලු 5 ලකුණු 28 කට බිඳ වැටුණු අතර පීටර්සන් සහ වැන්ඩර්’ඩසන් දෙදෙනාත් ඇතුළුව, දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු 7 ම ලකුණු 38 කදී ඇද වැටිණ.
පසුගිය සතියේ ලෝඩ්ස් පිටියේදී පැවති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවෝ ඉනිමක සහ ලකුණු 08 ක ජයක් ලබාගත්හ.
තරගාවලියේ තුන්වැනි තරගය ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වේ.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම - 151 යි
(ඩීන් එල්ගා 12, කීගන් පීටර්සන් 21, ඒඩ්න් මාක්රම් 14, රාසි වැන්ඩර්’ඩසන් 16, කයිල් වර්රීන් 21, කගීසෝ රබාඩා 36, ඇන්රික් නෝයේ 10, ජේම්ස් ඇන්ඩසන් 32/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 37/3, බෙන් ස්ටෝක්ස් 17/2)
එංගලන්තය පළමු ඉනිම - කඩුලු 9 ට 415 යි
(සැක් ක්‍රෝලි 38, ඔලී පෝප් 23, ජොනී බෙයාර්ස්ටෝ 49, බෙන් ස්ටෝක්ස් 103, බෙන් ෆෝක්ස් නොදැවී 113, ස්ටුවර්ට් බ්‍රෝඩ් 21, ඔලී රොබින්සන් 17, ජැක් ලීච් 11, කගීසෝ රබාඩා 110/2, ඇන්රික් නෝයේ 82/3, කේෂව් මහාරාජ් 78/2)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - 179
(සාල් අර්වී 25, ඩීන් එල්ගා 11, කීගන් පීටර්සන් 42, රාසි වැන්ඩර්’ඩසන් 41, කයිල් වර්රීන් 17, සයිමන් හාමර් 16, ජේම්ස් ඇන්ඩසන් 30/3, ඔලී රොබින්සන් 43/4, බෙන් ස්ටෝක්ස් 30/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.