Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ඩසන් - බ්‍රෝඩ් දෙවැනි තරගයට කැඳවති
අළු බඳුන

ඇන්ඩසන් - බ්‍රෝඩ් දෙවැනි තරගයට කැඳවති

editorial - 2021 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා නම් කරන ලද 12 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතයට ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවට් බ්‍රෝඞ් ඇතුළත් කිරීමට එරට කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නන් දෙදෙනා වන ඇන්ඩසන් (කඩුලූ 632) සහ බ්‍රෝඩ් (කඩුලූ 524) අබාධ තත්ත්වයන් හේතුවෙන් බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු තරගයට කී‍්‍රඩා නොකළහ. එම තරගයේදී කඩුලූ 9 කින් එංගලන්තය පරාජය කිරීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් විය.

රෝස පැහැති පන්දුව යොදාගනිමින් දිවා-රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (16 වැනිදා) ඇඩිලේඞ් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙම තරගයෙන් එංගලන්ත වේග පන්දු යවන කී‍්‍රඩක මාක් වුඩ් විවේක ගන්වා ඇති අතර පළමු තරගයේදී  ඕවර 13 ක් යවා ලකුණු 102 කට කඩුල්ලක් දවාගත් ජැක් ලීච් තවදුරටත් සංචිතයේ රඳවාගෙන ඇත.

මේ අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් දෙවැනි තරගය සහභගි වන අතර අබාධයකට ලක්ව සිටින ජොෂ් හෙසල්වුඞ් වෙනුවට ජේ රිචඞ්සන් කණ්ඩායමට කැඳවා ඇත. පළමු තරගය තුළදී ආබාධයකට ලක්වූ ඩේවිඩ් වෝනර් ඉන් සුවය ලබා දෙවැනි තරගයට සහභාගි වීමට සූදානමින් සිටියි.


ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම
පැට් කමින්ස් (නායක), මාකස් හැරිස්, ඬේවිඞ් වෝනර්, මානස් ලැබුෂේන්, ස්ටීවන් ස්මිත්, ට‍්‍රැවීස් හෙඞ්, කැමරන් ග‍්‍රීන්, ඇලෙක්ස් කේරී, මිචෙල් ස්ටාක්, නේතන් ලයන් සහ ජේ රිචඞ්සන්  

එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, රොරී බර්න්ස්, ජොස් බට්ලර්, හසිබ් හමීඩ්, ජැක් ලීච්, ඬේවිඞ් මලාන්, ඔලී පොප්, ඔලී රොබින්සන්, බෙන් ස්ටෝක්ස් සහ ක‍්‍රිස් වෝක්ස්

-036


අදහස් (0)

ඇන්ඩසන් - බ්‍රෝඩ් දෙවැනි තරගයට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.