වර්ෂාව හේතුවෙන් ආතර් ඈෂ් ක්‍රීඩාංගණයේ වහළ වසා දැමීම නිසා සිය සුපුරුදු රිද්මයත්, ක්‍රීඩාංගණයේ දෝෂ සහිත ශබ්ද විකාශන පද්ධතිය නිසා තමාට ලැබෙන්නට තිබූ ලකුණක් අහිමිවීමෙන් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී බි්‍රතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මරේ ජපානයේ කයි නිෂිකෝරි හමුවේ පරාජයට පත්විය. තරගය මෙන්ම මානසිකත්වයත් දෙකම අවුල් කරගත් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින බි්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ ආපසු ගෙදර ගියේ කණස්සල්ලෙනි.
පැය තුනකුත් මිනිත්තු 57 ක් තිස්සේ තරග වට 5 ක් පුරා ඇදී ගිය මේ තියුණු තරගයෙන් විම්බල්ඩන් ශූර 29 හැවිරිදි මරේ ලකුණු 1--6 ක්, 6-4 ක්, 4--6 ක්, 6--1 ක් සහ 7--5 ක් ලෙසින් පරාජයට පත්වීම නිසා 1968 දී විවෘත තරගමාලාවක් බවට පත්වූ ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග හතරේදීම එකම වසරක් තුල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි ක්‍රීඩකයා වීමේ දුර්ලභ වාර්තාවත් ඔහුට අහිමිවී ගියේය.
ඔහු මේ වසරේ දී ඔස්ටේ්‍රලියානු විවෘත හා ප්‍රංශ විවෘත තරග බිමේ අනුශූරයා වූ අතර පසුගියදා පැවති විම්බල්ඩන් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
නිෂිකෝරා හා මරේ අතර පැවැති මේ කුතුහලය මුසු තරගයේ තුන්වැනි වටයට පෙර වර්ෂාව පතිත විය. ඒ සමගම ක්‍රීඩාංගණයේ වහලය වසා දැමීමට තරග සංවිධායකයන් තීරණය කළ අතර පසුව වර්ෂාව තුරන්වී ගිය ද වහලය එලෙසින්ම වසා තැබීමට ඔවුහු තීරණය කළහ.
ක්‍රීඩාංගණයේ ඩිජිටල් හඬ පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීමෙන් තත්ත්වය නරක අතට හැරුණේ සිවුවැනි වටයේ තරගයේ ආරම්භක ලකුණ මරේ ලබාගැනීමත් සමගය. ඒ සමගම අයහපත් ඩිජිටල් හඬ පද්ධතියෙන් නැගුණු ඝෝෂාකාරී බව තරග විනිසුරුගේ අවධානය එහෙම පිටින්ම වෙනතකට යොමුවීමෙන් එම ලකුණ අත්හිටුවා නැවත තරගය ආරම්භ කිරීමට තරග විනිසුරු තීරණය කළේය. එය මරේ කෝපාවිශ්ට වීමට හේතු වූ අතර ඉන් අනතුරුව ඔහු යලි සුපුරුදු රිද්මයට පිවිසියේම නැත.
මේ පිළිබඳ මරේ තරග විනිසුරුවරුන්ට සහ තරග තීරකවරයාට පැමිණිලි කළත් ඉන් පිහිටන් නොලැබුණේ තරගයේ වාසිය ජපාන ක්‍රීඩකයාට අත් කර දෙමිනි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.