Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු පදක්කම් දිනාගත් තරුෂි ඇතුළු පිරිවර එති

ආසියානු පදක්කම් දිනාගත් තරුෂි ඇතුළු පිරිවර එති

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී. කේ. ජී. කපිල)

කොරියාවේ යෙචියොන් නුවරදී පැවැති 20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08 වැනිදා) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළින් යළි සියරට පැමිණියේය.

එහිදී ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින්, රටවල් 45 ක් අතරේ 07 වන ස්ථානය හිමිකරගත්තේය.

වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800 , මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියාය . එයට අමතරව මීටර් 400 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගෙන තිබුණි. තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේදී පදක්කම් 03 ක් දිනා ගත් විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළේ දී පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළ තරුෂි, තමන් මීට සති හතරකට පෙර නිව්මෝනියා රෝගී තත්ත්වයට ගොදුරු වී සිටි බවත් , මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරග වලදී තමන් වාර්තාවක් තැබීමට උත්සාහ ගත්ත ද , තමන්ට අභියෝග කිරීමට තරගකරුවන් නොමැති වී තිබීම නිසා තමන්ට එම අවස්ථාව තමන්ට අහිමි වී ගිය බව පැවසුවාය .

තරුෂිට අමතරව ජයේෂි උත්තරා , විනෝද් ආරියවංශ , ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද පදක්කම් දිනා ගෙන තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන්, මෙම සිසුන් ඉගෙනුම ලබන පාසල් වල විදුහල්පතිවරුන් , ගුරු භවතුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ එම පාසැල් වල ඉගෙනුම ලබන සිසුන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

(ඡායාරූප - කටුනායක ටී. කේ. ජී. කපිල)


අදහස් (0)

ආසියානු පදක්කම් දිනාගත් තරුෂි ඇතුළු පිරිවර එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.