Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු කුසලානය නොපෙනෙන ඈතකට

ආසියානු කුසලානය නොපෙනෙන ඈතකට

editorial - 2021 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නැතිව කල්දමා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. මෙම තරගාවලිය පසුගිය වසරේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය නිසා එය මේ වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරිණ.

ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වීමේ සැලසුමක් ආසියානු ක්‍රිකට් සභාවට තිබිණ.

“දැනට තියෙන තත්ත්වය අනුව, මේ තරගාවලිය ජූනි මාසයේදී පැවැත්වීමේ හැකියාක් නෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ආසියානු කුසලාන තරගාවලිය වසර 2023 දී පැවැත්වීමට නියමිත එක්දින අන්තර්ජාතික ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැත්වීමට ඉඩ ඇති බවයි.

“ඒ වෙනකම්ම බොහෝ කණ්ඩායම් තරග යොදාගෙන තියෙනවා” යයි ඉදිරි වසර දෙකක කාලය ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෙතරම් කාර්යබහුලද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


- 213
 


අදහස් (0)

ආසියානු කුසලානය නොපෙනෙන ඈතකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.