Last Update  :  2025-09-10 00:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ගෘහස්ථ තරගාවලියට 5 ක් යති

ආසියානු ගෘහස්ථ තරගාවලියට 5 ක් යති

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෝහා කටාර්’හි පැවැත්වෙන 7 වැනි ආසියානු ගෘහස්ත මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පස් දෙනෙක් හෙට (17) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යති.


තරගාවලිය මේ මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා කටාර්හිදී පැවැත්වීමට නියමිතය.


ඉදුනිල් හේරත් (මීටර 800 පිරිමි), මංජුල කුමාර (උස පැනීම), එන්. සී. ඞී ප‍්‍රියදර්ශනී (දුර පැනීම කාන්තා) ඊ. ආර්. දිල්රුක්ෂි සහ කේ. ඒ. නිමාලි (මීටර 800 කාන්තා) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සහභාගිවෙති.


ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙල නිමාවීමත් සමඟ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය වැදගත් වන්නේ ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීමේ තවත් අවස්ථාවක් ලැබෙන බැවිනි. ඔලිම්පික් පරිසාධන මට්ටමට පැමිණීමට හැකියාව ඇති උස පැනීමේ ශූර මංජුල කුමාර මෙම තරගාවලියේදී එම දස්කම දැක්වීමේ වැඩි අවස්ථාවක හිමිවේ.


මෙම තරගාවලියට රටවල් 36 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 600 කට වැඩි පිරිසක් සහභාගිවෙති.

 


අදහස් (0)

ආසියානු ගෘහස්ථ තරගාවලියට 5 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.