වසර 2017 දී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය සඳහා ආසියානු යොවුන් කී‍්‍රඩා ධජය හෙට (24 වැනිදා) ශී‍්‍ර ලංකාවට බාර කෙරේ. මෙම ධජය නිල වශයෙන් බාර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතා චීනයේ නැන්ජින් නුවරට ගොස් සිටිති.
ඔලිම්පික් කී‍්‍රඩා සම්ප‍්‍රදාය අනුව ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ ධජය නිල වශයෙන් බාරගත යුත්තේ ඊළගට තරගාවලිය පැවත්වෙන රාජ්‍යයේ ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා සහ කී‍්‍රඩා උළෙල පැවැත්වෙන නගරයේ නගරාධිපතිවරයාය.
වසර 2017 දී තුන්වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ හම්බන්තොට නගරයේදී බැවින් හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතාද චීනයේ නැංජින් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවයට සහභාගි වීම සඳහා ගොස් සිටී.
ශී‍්‍ර ලංකා රජය නියෝජනය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාත් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාත් නැංජින් නුවර බලා යාමට නියමිතය.
දෙවැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය හෙට (24 වැනිදා) චීනයේ වේලාවෙන් රාතී‍්‍ර 8.00 ට (ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පස්වරු 5.00 ට) පැවැත්වෙන අතර එහිදී ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික අංග ඇතුළත් විනාඩි 30 ක සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරේ. කී‍්‍රඩා උළෙලේ ධජය බාර කෙරෙන්නේ ඉන් අනතුරුවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.