Last Update  :  2025-05-21 15:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරක්ෂක සේවා පාපන්දු ජය ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට

ආරක්ෂක සේවා පාපන්දු ජය ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට

editorial - 2025 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලිසර නාවික හමුදා පාපන්දු ක්‍රීඩාංගණයේදී 13 වැනි වරටත් පැවැති ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය. 

අවසන් මහ තරගයේදී ගෝල 1-0 ක් ලෙස නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය. 
ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායමක් ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියක ශූරතාව දිනාගත්තේ වසර 15 කට පසු වීමද එහිදී කැපී පෙණුන සිදුවීමක් විය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රිඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට ගුවන් හමුදාවේ කාංචනා විරංගා සමත් වූ අතර ගුවන් හමුදාවේ ඉසංකා සයහානි දක්ෂතම දැල රකින්නියට හිමි සම්මානය දිනා ගත්තාය. 

කුසලාන සහ සහතිකපත් ප්‍රධානෝත්සවය නාවික හමුදාවේ අණදෙණ නිළධාරී රියර් අද්මිරාල් එච්.එන්.එස්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා ක්‍රීඩා පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වන් පැවැත්විණි. 

 


-036 


අදහස් (0)

ආරක්ෂක සේවා පාපන්දු ජය ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.