Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පරාක්‍රම නාවික හමුදා කඳවුරේදී පැවැති ආරක්ෂක සේවා කායවර්ධන තරගාවලියේ සමස්ත ශුරතාව දිනාගැනිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගුවන් හමුදාව ශූරතාවට හිමිකම් කී අතර එහිදී ‘මිස්ටර් ඩිෆෙන්ස්’ සම්මානය හිමිකර ගැනීමට ගුවන් හමුදාවේ කෝප්‍රල් සේනක ලිවේරා සමත් විය.
තරගාවලියේ සම්මාන ප්‍රධානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා සහභාගී විය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රොද්‍රිගෝ මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන සම්මෙලන සභාපති සහ ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් මෙන්ම සෙසු නිළයින් පිරිසක්ද සහභාගි වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.