Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තම ලෝක වාර්තාව 14 වැනි වතාවටත් අළුත් කිරීමට ස්වීඩනයේ සුපිරි රිටි පැනීමේ ශූර ආමන්ඩ් (මුන්ඩෝ) ඩුප්ලාන්ටිස් සමත්විය. ඒ ජපානයේ ටෝකියෝ හිදි පැවැත්වෙන මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී රිටි පැනීමේ ඉසව්වේදීය.
මෙහීදී මීටර් 6.30 ක උසක් රිටෙන් තරණය කරමින් ඩුප්ලාන්ටිස් විසින් බිඳ දැමුවේ මීට මසකට (අගෝස්තු 12) පෙර ඔහු විසින් තබා තිබූ මීටර් 6.29 ක වාර්තාවයි.
25 හැවිරිදි ඩුප්ලාන්ටිස් 2020 වර්ෂයේ පෙබරවාරි 08 වැනිදා පෝලනත්යේදී පැවති තරගාවලියකදී ප්‍රංශයේ රෙනෝ ලැවිලෙනීගේ එවකට වසර 6 ක් පැරණි වාර්තාවක් වූ මිටර් 6.17 (මීටර් 6.19 ක උසක් තරණය කරමින්) බිද දැමීමට සමත්විය. එතැන් පටන් වසර 5 ක් පුරා තමාගේම ලෝක වාර්තාව 13 න් වතාවක් අළුත් කිරීමට ඩුප්ලාන්ටින් සමත්වූයේ සෙන්ටිමීටරය බැගින් උස වැඩි කරමින් වීම විශේෂත්වයකි. මේ අතරතුර ඔහුගේ වාර්තා දෙකක් අතර වැඩිම කාළය ලෙස සනිටුහන් වූයේ 2020 වසරේ පෙබරවාරි 15 වැනිදා සිට 2022 වසරේ මාර්තු 07 වැනිදා දක්වායි. ඒ කෝවිඩ් වසංගතය ලොව පුරා පැතිරයාම ආරම්භ වූ අවධියේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.