Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආනන්දයේ අශාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

ආනන්දයේ අශාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මේ දින වල යාපනය දිස්ති‍්‍රක්කයේදී පැවැත්වෙන මුරලි සාම කුසලාන කි‍්‍රකට් (පිරිමි) තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරග වලින් ජය ලැබීමට කොළඹ ආනන්ද, මීගමුව මාරිස්ටෙලා, බම්බලපිටිය ශාන්ත පීතර, ගාල්ල රිච්මන්ඞ්, බදුල්ල සහ මොනරාගල ඒකාබද්ධ, පොළොන්නරුව ඒකාබද්ධ, ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ඒකාබද්ධ කණ්ඩායම් සමත්වූහ.


බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ සීනිගම ගුණ ජය සතුට පිල අතර පැවැති තරගය ලකුණු සම වීමෙන් අවසන් වීම නිසා තරගයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි  ඕවරය කි‍්‍රයාත්මක කිරීමට සිදුවිය. එහිදී සීනිගම ගුණ ජය සතුට පිල පරදවා තියණු ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්විය.


මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවැති තරගයේදී කොළඹ ආනන්ද විදුහල් පිලේ නායක සම්මු අශාන් පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 71 ක් රැස්කළේය. ඉන් නොනැවතුණ ඔහු ලකුණු 21 කට කඩුලූ 2 ක් දවාගනිමින් සහ වේල්ස් කුමර පිලේ කී‍්‍රඩකයකු දුවද්දී දවාගැනීම හසුකරගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්විය.


එම තරගයේදීම ආනන්ද විදුහල් පිලේ අසේල සිගේරා ලකුණු 24 කට කඩුලූ 4 ක් දවාගනිම්න් පන්දුවෙන් දස්කම් දැක්වීය. කරන්දෙණිය මැදි විදුහල සමග පැවැති තරගයේදී  ඕවර 4 ක් යවමින් ලකුණු 17 කට කඩුලූ 5 ක් දවාගත් ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ධනංජය ලක්ෂාන්, අද දිනයේ කී‍්‍රඩකයකු වාර්තා කළ හොඳම පන්දු යැවීමට හිමිකම් කීවේය.


එම තරගයේදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රිච්මන්ඞ් විදුහලේ ආරම්භක පිතිකරු චරිත් අසලංක, පන්දු 35 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 63 ක් රැස්කළේය.


බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පැවැති තරගයේදී ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ඒකාබද්ද විදුහල් පිල වෙනුවෙන් බී. ඩෙනික් රැස්කළ ලකුණු 55 ද, අද දිනයේදී කැපීපෙන ඉනිමක් බවට පත්විය. පන්දු 42 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.


ඊයේ (30) පැවැති තරග වල ප‍්‍රතිඵල

  • කොළඹ ආනන්දු විදුහල විසින් ලකුණු 33 කින් මොරටුව වේල්ස් කුමර විදුහල පරාජය කරන ලදි.
  • මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ලකුණු 7 කින් රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරන ලදි.
  • බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් සුපිරි  ඕවරයේදී සීනිගම ගුණ ජය සතුට පිල පරාජය කරන ලදි.
  • ගාල්ල රිච්මන්ඞ් විදුහල විසින් කඩුලූ 7 කින් කරන්දෙණිය මැදි විදුහල පරාජය කරන ලදි.
  • බදුල්ල සහ මොනරාගල ඒකාබද්ධ විදුහල් පිල විසින් ලකුණු 7 කින් කිලිනොච්චි සහ මුලතිව් ඒකාබද්ධ විදුහල් පිල පරාජය කරන ලදි.
  • පොළොන්නරුව ඒකාබද්ධ විදුහල් පිල කඩුලූ 6 කින් මන්නාරම සහ වවුනියා ඒකාබද්ධ විදුහල් පිල පරාජය කරන ලදි.
  • ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ඒකාබද්ධ විදුහල් පිල විසින් ලකුණු 55 කින් බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- 036


අදහස් (0)

ආනන්දයේ අශාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.