Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආතර් ඈෂ් පිටිය ඇමරිකානුවන් යටතට

ආතර් ඈෂ් පිටිය ඇමරිකානුවන් යටතට

ශනුක අරවින්ද - 2017 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැයක් වැනි කාලයක් ඇතුළත එස්ටෝනියාවේ කයිකා කනේපි එක දිගට ලකුණු 6-3 කින් සහ 6-3 කින් පරාජය කළ අමෙරිකාවේ 22 හැවිරිදි මැඩිසන් කීස් පළමු වතාවට ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පුර්ව වටයට සේන්දු වීමට සමත්වූවාය.

නිව්යෝක් නුවර බිලි ජීන් කිං ටෙනිස් මධ්‍යස්ථානයේ ආතර් ඈෂ් ටෙනිස් පිටියේදී පැවැති මේ තරගයෙන් ජයලැබීමත් සමග වසර 1981 න් පසුව ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක කාන්තා තරග ඉසව්වේ අවසන් හතර අතරට අමෙරිකානු ක්‍රීඩිකාවන් සිවුදෙනකුම සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව සටහන් කරමින් මැඩිසන් තවත් විරල වාර්තාවකට ද සම්මාදම් වූවාය.

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පාන්දර පැවැත්වෙන කාන්තා අවසන් පුර්ව වටයේදී වීනස් විලියම්ස් සමග සැලෝනි ස්ටීවන්ස් තරග වදින අතර එම තරගයෙන් පසුව මැඩිසන් කීස් සහ කොකෝ වැන්ඩවෙග් අතර සටන ඇරැඹෙනු ඇත.

කනේපි සමග පැවැති තරගයේදී තරමක් බයාදු බවක් පෙන්නුම් කළත් ජයලැබීමෙන් පසුව විරල වාර්තාවකට දායක විමට ලැබීම ගැන මැඩිසන් පසුවූයේ බලවත් සතුටකිනි.

“මේක විශේෂ අවස්ථාවක් වේවි. අනිත් තුන්දෙනාට මේ වාර්තාවට උදව් කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි” ඇය කීවාය.

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි තැන සිටින මැඩිසන් පසුගිය වසරේදී ආබාධයකට ලක්වූ අතර මාස 10ක් වැනි කාලයක් තුළ සැත්කම් දෙකකටම භාජනය වීමෙන් පසුව නැවත ටෙනිස් පිටියට පැමිණ මෙවැනි හපන්කමක් කිරීමට හැකිවීම ගැන කෙළවරක් නැතිව උදම් අනන්නට වූවාය.

මැඩිසන් හමුවේ පරාජයට පත්වූ කනේපි ශ්‍රේණිගත කිරීම්වල පෙනෙනතෙක් මායිමක නැතිවුවත් තමා තරමක් බයාදු ලෙස ක්‍රීඩා කළ බව නම් ඇය පිළිගත්තාය.

“දිනනකම් ඉහිලුම් නැතිවයි හිටියේ” ඇය කීවාය.

වසර 1981 දී පළමුවතාවට අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා තරග ඉසව්වේ අවසන් ක්‍රීඩිකාවන් සිවුදෙනාම අමෙරිකානු ජාතිකයන් බවට පත්වීමේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ටේ්‍රසි ඔස්ටින්, ක්‍රිස් එවරට්, මාර්ටිනා නව්රතිලෝවා සහ බාබරා පෝටර් විසිනි.

-077

 


අදහස් (0)

ආතර් ඈෂ් පිටිය ඇමරිකානුවන් යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.