Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් මහගස්තොටදී වාර්තා අලුත් කරයි

අශාන් මහගස්තොටදී වාර්තා අලුත් කරයි

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------------------------
ශානුක අරවින්ද නුවරඑළියේ සිට..
--------------------------------------

දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණයේ 87 වැනි අදියරේදී අශාන් සිල්වා තරග වාර්තා අලුත් කරමින් දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත්තේය. ජේඩ්න් ගුණවර්ධන තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගය තත්ත්පර 31.699 කින් නිමා කරමින් අශාන් මෝටර් රථ ශූරතාවට හිමිකම් කී අතර ජේඩ්න් යතුරුපැදි ශූරතාවට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් යතුරුපැදි විවෘත තරගය තත්ත්පර 34.156 කින් අවසන් කරමිනි.

එහිදී තමාගේම තරග වාර්තාව අලුත් කිරීමට අශාන් සමත් වූ අතර 2017 වසරේදී එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගයේදී තත්ත්පර 32.643 කින් නිමා කරමින් ඔහු මෝටර් රථ අංශයේ සහ සමස්ත තරගාවලියේම පැරණි තරග වාර්තාව පිහිටුවා තිබිණ.

මෙවර තරගාවලියේ යතුරුපැදි ශූරයා බවට පත්වුවද, යතුරුපැදි අංශයේ තරග වාර්තාව අභිබවා යෑමට ජේඩ්න්ට නොහැකි විය. එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තරගය තත්ත්පර 33.936 කින් අවසන් කළ ආනන්ද සම්පත් විසින් 2017 වසරේදී තරගාවලියේ යතුරුපැදි වාර්තාව පිහිටුවනු ලැබ තිබිණ.

තත්ත්පර 34.013 කින් එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගය නිමා කළ දිනේෂ් ජයවර්ධන මෝටර් රථ අංශයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර තත්ත්පර 34.367 කින් ෆෝර්මියුලා මැක්ලරන්ස් (සිලින්ඩර් ධාරිතාව 1665 දක්වා) මෝටර් රථ තරගය නිමා කළ නදීර ජිනසේන මෝටර් රථ අංශයේ තෙවැනි ස්ථානයට පත් විය.

යතුරුපැදි අංශයේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමටද ජේඩ්න් ගුණවර්ධන සමත් වූයේ එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 600 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි තරගය තත්ත්පර 34.166 කින් අවසන් කරමිනි. ඔහුගේ සොහොයුරු ඒරන් ගුණවර්ධන තත්ත්පර 34.201 කින් එම තරගය අවසන් කරමින් යතුරුපැදි අංශයේ තෙවැනි හොඳම කාලයට හිමිකම් කීවේය.

මෙවර තරගාවලියේදී ධම්මික පීරිස්, විරේන් බොතේජු සහ සඳරු වීරසිංහ මෝටර් රථ අංශයෙන්ද, ජේඩ්න් ගුණවර්ධන, හේෂාන් පසිඳු සහ සරත් කුමාරසිරි යතුරුපැදි අංශයෙන්ද ජයග්‍රහණ දෙක බැගින් වාර්තා කළහ.

ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය නුවරඑළිය නගරයේ මහගස්තොට තේ වතුයායට අයත් මීටර් 617 ක දුරකින් සමන්විත තාර ඇතිරූ මාර්ගයක පැවැත්විණ. තරගාවලියට මෝටර් රථ ඉසව් 14 ක් සහ යතුරුපැදි ඉසව් 16 ක් ඇතුළත් වූ අතර දිවයින පුරා මෝටර් රථ රියැදුරෝ සහ යතුරුපැදිකරුවෝ 150 ක් පමණ ඊට සහභාගී වූහ.  

 

මෝටර් රථ තරග ප්‍රතිඵල
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථ
1 අදීෂ කිත්විත් (තත්ත්පර 44.852)
2 දුමින්ද ගුණසේකර (තත්ත්පර 45.341)
3 තේනුක ලියනාරච්චි (තත්ත්පර 45.327)

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 තේනුක ලියනාරච්චි (තත්ත්පර 44.458)
2 රෂිත පසන් (තත්ත්පර 44.543)
3 තුෂාන් එම්. ජයසූරිය (තත්ත්පර 45.502)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 ධම්මික පීරිස් (තත්ත්පර 43.374)
2 සුසන්ත ගුණවර්ධන (තත්ත්පර 44.097)
3 ෂෙනාල් ගුණවර්ධන (තත්ත්පර 44.193)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 ධම්මික පිරීස් (තත්ත්පර 43.070)
2 තරිඳු ධර්මරත්න (තත්ත්පර 43.272)
3 ෂෙනාල් ගුණවර්ධන (තත්ත්පර 43.377)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 සඳරු වීරසිංහ (තත්ත්පර 43.056)
2 ලක්මාල් විජේරත්න (තත්ත්පර 43.232)
3 නීල් වීරසිංහ (තත්ත්පර 45.386)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1050 දක්වා) මෝටර් රථ
1 ඩිලූප පල්ලියගුරු (තත්ත්පර 41.417)
2 චාමික රණතුංග (තත්ත්පර 41.767)
3 අවිෂ්ක පේමදාස (තත්ත්පර 42.959)

එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 චමින්ද මාන්නප්පෙරුම (තත්ත්පර 38.987)
2 සකීර් වහබ් (තත්ත්පර 39.196)
3 කුෂාන් පීරිස් (තත්ත්පර 39.533)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600) දක්වා මෝටර් රථ
1 විරේන් බොතේජු (තත්ත්පර 37.934)
2 ඉර්ෂාඩ් ෆාහම් (තත්ත්පර 38.156)
3 ඉර්ෆාන් ෆුවාඩ් (තත්ත්පර 38.405)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2000) දක්වා සුබාරු ලෙගසි මෝටර් රථ
1 ශිරාන් ඩූල් (තත්ත්පර 41.162)
2 මේනක සඳරුවන් (තත්ත්පර 41.973)
3 අසංක බණ්ඩාර (තත්ත්පර 42.605)

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 සඳරු වීරසිංහ (තත්ත්පර 43.751)
2 චානක රත්නායක (තත්ත්පර 44.035)
3 නිෂාත් ද අල්විස් (තත්ත්පර 45.644)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ
1 අශාන් සිල්වා (තත්ත්පර 31.699)
2 දිනේෂ් ජයවර්ධන (තත්ත්පර 34.013)
3 ඩැරින් වීරසිංහ (තත්ත්පර 34.761)

ටී. සහ ජේ. කාණ්ඩයේ (සි.ධා. 5500 දක්වා) ට්‍රක් සහ ජීප් රථ
1 උෂාන් පෙරේරා (තත්ත්පර 37.129)
2 ඩැරින් වීරසිංහ (තත්ත්පර 37.852)
3 සංජය සේදර සෙනරත් (තත්ත්පර 41.369)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ
1 විරේන් බොතේජු (තත්ත්පර 39.015)
2 චන්දිම ගුණරත්න (තත්ත්පර 39.493)
3 කෙවින් පෙරේරා (තත්ත්පර 39.688)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1665 දක්වා) මෝටර් රථ
1 නදීර ජිනසේන (තත්ත්පර 34.367)
2 ඩිලාන් සෙනෙවිරත්න (තත්ත්පර 34.421)
3 රොහාන් ද සිල්වා (තත්ත්පර 35.918)

 


යතුරුපැදි තරග ප්‍රතිඵල
ඕ. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 සුපුන් ධනුෂ්ක (තත්ත්පර 45.454)
2 අනූෂ එරංග (තත්ත්පර 46.510)
3 ඩිලාන් රත්නායක (තත්ත්පර 47.150)

ඕ. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 ලෙවී ඩෙරික් (තත්ත්පර 43.322)
2 එස්.එස්. වීරසිංහ (තත්ත්පර 43.399)
3 ධම්මික නිෂාන්ත (තත්ත්පර 44.790)

ඕ. කාණ්ඩයේ (සි.ධා. 160 දක්වා) එෆ්.ඉසෙඩ්. යතුරුපැදි
1 එස්. වාසුදේවන් (තත්ත්පර 44.626)
2 ශිවලිංගම් ඥානප්‍රගාෂ් (තත්ත්පර 44.742)
3 ධම්මික නිෂාන්ත (තත්ත්පර 47.202)

ඕ. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) ස්කූටර් යතුරුපැදි
1 ශිවලිංගම් ඥානප්‍රගාෂ් (තත්ත්පර 49.681)
2 තරංග මධුෂංක (තත්ත්පර 52.624)
3 ෂෙහාන් ද සිල්වා (තත්ත්පර 53.183)

එම්. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 හේෂාන් පසිඳු (තත්ත්පර 39.997)
2 ගිහාන් සංජීව (තත්ත්පර 42.369)
3 සුපුන් ධනුෂ්ක (තත්ත්පර 43.994)

එම්. කාණ්ඩයේ (සි.ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 හේෂාන් පසිඳු (තත්ත්පර 39.043)
2 ජානක දිනේෂ් (තත්ත්පර 39.104)
3 ගිම්හාන් පෙරේරා (තත්ත්පර 42.715)

එම්. කාණ්ඩයේ (සි.ධා. 600 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 ජේඩ්න් ගුණවර්ධන (තත්ත්පර 34.166)
2 ඒරන් ගුණවර්ධන (තත්ත්පර 34.201)
3 සුදාර දේෂාල් (තත්ත්පර 41.951)

එම්. කාණ්ඩයේ (සි.ධා. 900 සිට 1000 දක්වා) නවීකරණය කළ යතුරුපැදි
1 ඒරන් ගුණවර්ධන (තත්ත්පර 35.048)
2 ජේඩ්න් ගුණවර්ධන (තත්ත්පර 37.259)
3 ඉන්සාෆ් බාෂීර් (තත්ත්පර 39.375)

එම්. කාණ්ඩයේ (සි.ධා. 600 දක්වා) ක්‍රීඩා සංචාරක යතුරුපැදි
1 සුපුන් සුරාජ් (තත්ත්පර 38.794)
2 නවිඳු සිල්වා (තත්ත්පර 42.173)
3 කේ.ඩී.එස්. සඳරුවන් (තත්ත්පර 42.795)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 250 දක්වා) කවසාකි ට්‍රැකර් යතුරුපැදි
1 ආර්.එම්. මිම්ෂාඩ් (තත්ත්පර 38.943)
2 මොහොමඩ් රිස්වි (තත්ත්පර 40.524)
3 සුපුන් සුරාජ් (තත්ත්පර 40.726)

එම්. කාණ්ඩයේ (සි.ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නොකළ ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි
1 සරත් කුමාරසිරි (තත්ත්පර 38.507)
2 එස්. වාසුදේවන් (තත්ත්පර 42.187)
3 ෂේන් ද සිල්වා (තත්ත්පර 42.913)

එම්. කාණ්ඩයේ (සි.ධා. 250 ට වැඩි) නවීකරණය කළ සහ නොකළ ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි
1 සරත් කුමාරසිරි (තත්ත්පර 39.695)
2 ශිවලිංගම් ඥානප්‍රගාෂ් (තත්ත්පර 40.295)
3 ෂේන් ද සිල්වා (තත්ත්පර 41.609)

එම්. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 250 දක්වා) රේසිං යතුරුපැදි
1 ගිහාන් සංජීව (තත්ත්පර 38.919)
2 සුදාර දේෂාල් (තත්ත්පර 38.996)
3 ඩිලාන් සී. හෙට්ටිආරච්චි (තත්ත්පර 41.290)

එම්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) රේසිං යතුරුපැදි
1 හෙන්රි රොෂාන් (තත්ත්පර 40.449)
2 ගිහාන් සංජීව (තත්ත්පර 40.946)
3 ඩබ්ලිව්.එම්. ගුණසිංහ (තත්ත්පර 41.612)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 175 සිට 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි
1 නිමේෂ් සඳරුවන් (තත්ත්පර 36.485)
2 ශිවඥානම් හාරිස් (තත්ත්පර 37.006)  
3 හෙන්රි රොෂාන් (තත්ත්පර 38.958)

එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් යතුරුපැදි විවෘත
1 ජේඩ්න් ගුණවර්ධන (තත්ත්පර 34.156)
2 ඒරන් ගුණවර්ධන (තත්ත්පර 34.957)  
3 රගුරාජා පලනියන්ඩි (තත්ත්පර 39.656)

 


අදහස් (0)

අශාන් මහගස්තොටදී වාර්තා අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.