Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් මොහොතේ ස්වීඩනයත් 16ට

අවසන් මොහොතේ ස්වීඩනයත් 16ට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙක්සිකෝවට එරෙහිව පැවැති තරගය ගෝල 3-0 කින් ජයගත් ස්වීඩනය මෙවර අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනිද්දී, ගියවර ශූරයන් වූ ජර්මනියට මෙවර පළමු වටයෙන්ම ලෝක කුසලානයට තිත තැබීමට සිදුවිය. ‘එෆ්’ කාණ්ඩයේ අවසන් තරගය වූ මෙය රුසියාවේ කැටරින්බර්ග් ක්‍රීඩාංගණයේදී අද (27) නිමාවට පත්විය.

තරගය ආරම්භ වීමට පෙර සිටම මූලික තරග දෙකම ජයගෙන පෙරමුණේ පසුවූ මෙක්සිකෝව අවසන් කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටි නමුත් අද තරගය ඔවුන් ස්වීඩනය හමුවේ පරාජයට පත්වීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය. ස්විඩන් ක්‍රීඩක ලුඞ්විග් ඔගස්ටිසන්ස් තරගයේ 50 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් මෙක්සිකෝව දෙවන භාගය ආරම්භයේදීම පෙරමුණේ තැබීමට හැකි විය.

නැවතත් තරගයේ 62 වැනි මිනිත්තුවේදී ස්වීඩනයට දඬුවම් පහරක් ප්‍රදානය කිරීමට තරග විනිසුරුවරයා තීරණය කිරීමත් සමග එයින් උපරිම ප්‍රයෝජන ලබාගත්  ඇන්ඩී්‍රස් ග්‍රෑන්ඞ්ක්විස්ට් නැවතත් ගෝලයක් ලබා අවසන් 16 දෙනාගේ වටයට සේන්දු වීමේ බලාපොරොත්තු ඉහළ නැංවිය.

මෙක්සිකෝවේ එඞ්සන් ඇල්වරිස් සිය පන්දුව 74 වැනි මිනිත්තුවේදී තමන්ගේම දැලවෙත මුදා හැරීම නිසා ගෝල 3-0 දැවැන්ත පරාජයකට මුහුණ දීමට මෙක්සිකෝවට සිදුවිය.

මෙක්සිකෝව සහභාගී වූ පළමු තරගයම ගෝල 1-0 කින් ප්‍රබල ජර්මනිය පරාජයට පත් කරමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. කොරියාවට එරෙහිව පැවැති තරගයත් ගෝල 2-1 කින් ජයගත් මෙක්සිකෝව අද තරගයද ජයගත්තේ නම් අපරාජිතවම අවසන් 16 දෙනාගේ වටයට යෑමට හැකියාව තිබිණ.

මූලික වටයේදී කොරියාවට එරෙහිව පැවැති තරගය ගෝල 2-1 කින් ජයගත් ස්වීඩනය ජර්මනිය හමුවේ ගෝල 2-1 කින් පරාජයට පත්විය. අද තරගය ආරම්භ වීමට පෙර ජර්මනියත්, ස්වීඩනයත් වැට උඩ පසු වුවත්, එකී කඩයිම සාර්ථකව පැන ගැනීමට ස්වීඩනයට හැකියාව ලැබිණ.  ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳකරමින් , කොරියාව අද තරගය ජය ගත්තද, ඔවුන්ටද අවසන් 16 දෙනාගේ වටයට සේන්දුවීමට අවස්ථාවක් හිමි නොවීය.

 

 

- 024


අදහස් (0)

අවසන් මොහොතේ ස්වීඩනයත් 16ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.