Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි අදියර හෙට (31 වැනිදා) ආරම්භ වන අතර එහි සමාරම්භක තරගයේදී ඉකුත් වසරේ (2022) ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය්දී තරග බිමට පිවිසීමට නියමිතය.
කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර මෙවර අයි.පී.එල්. තරගාවලිය තරග 74 කින් සමන්විත වන අතර මූලික වටයේ තරග 70 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ. ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ 12 කදී මෙවර තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරියෙන්ම සිටින අතර මේ දක්වා ශූරතා 5 ක් (2013, 2015, 2017, 2019 සහ 2020) දිනා ඇති ඔවුන් 2010 වසරේදී අනු ශූරයන් බවට පත් විය.
මේ දක්වා ශූරතා 4 ක් (2010, 2011, 2018 සහ 2021) දිනා, අනු ශූරතා 5 කටද (2008, 2012, 2013, 2015 සහ 2019) හිමිකර ගෙන සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි වන තවත් ප්‍රභල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.