රුපියල් මිලියන හතරක ත්‍යාග මුදලක් පිරිනැමෙන ‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරියට කාන්තා තරගයක් ද ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රහයෙන් දින පහක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි තරගයට සමගාමීව කාන්තා තරගය කොළඹ සිට අම්බලන්ගොඩ නගරය දක්වා කිලෝමීටර 80 ක දුරකින් පැවැත්වීමට නියමිතය. කාන්තා තරගය මේ මස 27 වැනිදා කොළඹින් ඇරැඹී අම්බලන්ගොඩ නගරයෙන් අවසන් කෙරේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් ටෙලිකොම් සමාගමෙන් කරන ලද ඉල්ලීමට අනුව සංවිධානය කෙරෙන කාන්තා තරගයේ ශූරියට ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. දෙවැනි ස්ථානය දිනාගන්නා ක්‍රීඩිකාවට රුපියල් 150,000 ක්ද, තෙවැනි ස්ථානය ලබන ක්‍රීඩිකාවට රුපියල් 100,000 ක්ද ලෙස පස්වැනි ස්ථානය දිනාගන්නා තරගකාරිය දක්වා ත්‍යාග පිරිනැමේ. කාන්තා තරගය සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල රුපියල් 575,000 කි.
සමස්ත තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන හතරකට ආසන්න මුදල් ත්‍යාග පිරිනැමෙන අතර පිරිමි පාපැදි සවාරිය සඳහා පමණක් රුපියල් මිලියන 3.3 ක මුදල් ත්‍යාග වෙන් කර තිබේ. ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාවේ තරගයකදී ශූරයාට හෝ ශූරියට පිරිනැමෙන විශාලතම මුදල් ත්‍යාගය මෙය බව තරග සංවිධායකවරු පවසති.
ශූරයාට පිරිනැමෙන මිලියනයක මුදලට අමතරව සමස්ත තරගයේ ජයග්‍රහී තරගකරුවන් සඳහා ලක්ෂ 30 ක පමණ මුදලක් ත්‍යාග ලෙස ලබා දීමට ද අනුග්‍රාහක ටෙලිකොම් සමාගම කටයුතු යොදා තිබේ.
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පාපැදි සවාරි අතරින් වැඩිම දින ගණනක් (දින පහක්) පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ පිරිමි තරගයේ මුඵ දුර ප්‍රමාණය කිලෝමීටර 780.5 කි. මේ මස 27 වැනිදා කොළඹින් ආරම්භ වන පිරිමි තරගය අවසන් වන්නේ මේ මස 31 වැනිදා මඩකලපුවෙනි.
අයැදුම්පත් බාර ගැනීම ජුලි මස 22 වැනිදා අවසන්වේ. කාන්තා තරගය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩිකාවන්ට පෞද්ගලිකවම අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර පිරිමි තරගයේ අයැදුම්පත් ක්‍රීඩකයන් නියෝජනය කරන ක්‍රීඩා සමාජය මඟින් යොමු කළ යුතුය.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, පැරැණි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, නො: 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා (011-3159677 හෝ 0718479900) ඇමැතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.