Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි සතිය නිමාවට පත්වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් මහනුවර කණ්ඩායම, ප්‍රසාද ලකුණක්ද සමග මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 11 කි.
පළමු සතියේදී යුද හමුදාවට එරෙහිව ලකුණු 46-08 ක පහසු ජයක් ලැබූ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි සතියේදී ලකුණු 13-11 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරාජය කළේ තියුණු සටනකින් අනතුරුවය. තරගාවලියේ තෙවැනි සතිය යටතේ මහනුවර කණ්ඩායම ලබන 31 වැනිදා ගුවන් හමුදාවට එරෙහිව නිත්තවෙලදී තරග වැදීමට නියමිතය.
දෙවැනි සතිය අවසානයේ කණ්ඩායම් 6 ක් එක් තරගය බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජයට පත්ව සිටියි. එම කණ්ඩායම් අතරින් ගුවන් හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 2 බැගින්ද හිමිකරගෙන පිළිවෙලින් ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව සිටියි.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී., සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ යුද හමුදාව එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා ලකුණු සටහනේ සිවුවැනි, පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවන අතර නාවික හමුදාව එහි 7 වැනි ස්ථානයටත්, පොලිසිය 8 වැනි ස්ථානයටත් පත්ව තිබේ. මෙම සති දෙක ඇතුළත සහභාගිවූ තරග 2 ම පරාජයට පත්ව සිටින එකම කණ්ඩායම වන්නේ පොලිසියයි.
තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් එළඹෙන 29 වැනිදා නාවික හමුදාවට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය වැලිසරදී තරග බිමට පිවිසීමට නියමිතය. 30 වැනිදා තවත් තරග 2 ක් පැවැත්වෙන අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව යුද හමුදාව කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීරණයේදීත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව පොලිසිය කොළඹ සී.ආර්. ක්‍රීඩාංගණයේදීත් තරග වදිනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.