ලබන වසරේ මාර්තු මස 16 වැනිදා සිට අපේ‍්‍රල් 6 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදී කුසලානය සොයා යන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇතැයි ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
මෙම තරගාවලියේ සුපිරි 10 දෙනාගේ කෙටසේදී ශී‍්‍ර ලංකාව ඇතුළත් වන්නේ, වැනි කාණ්ඩයටයි. එංගලන්තය, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය සහ ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන්නා කණ්ඩායම, වැනි කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන අතර සාපේක්‍ෂ වශයෙන් ගත් කල්හි මෙම සියලූම කණ්ඩායම් දග පන්දුව හමුවේ අසීරුතාවනට මුහුණ දෙන කණ්ඩායම් වේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය වි:20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගය කරා පැමිණියේද පිතිකරුවන්ගේත් දග පන්දු යවන්නන්ගේත් විශිෂ්ට දස්කම් මතිනි.
”බංග්ලාදේශයේ තියෙන්නේ සාමාන්‍යයෙන් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු තමයි. ඒවා ලංකාවේ තණතීරු තරම් දග කැවෙන්නේ නැති වුණත් ඒවාට පහසුවෙන් හැඩගැසීමේ හැකියාව අපේ කී‍්‍රඩකයන්ට තියෙනවා” යයි ඇන්ජලෝ මැතිව්ස් ලංකාදීපයට පැවසීය.
”අපේ පිතිකරුවන් වැඩිදෙනෙක් දැවැන්ත ප‍්‍රහාරයකයන් නෙමෙයි. වේග පන්දු යවන්නන් වුණත් අධික වේගයෙන් පන්දු යවන්නේ නෑ..ඒත් ඔවුන්ට පුළුවන් අවස්ථාවේ සහ තණතීරුවේ හැටියට හැඩගැහිලා වඩාත් බුද්ධිමත්ව තරගයට පිවිසෙන්න” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
වි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ පළමු තරගය දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව අපේ‍්‍රල් 22 වැනිදා පැවැත්වේ. ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායමට එරෙහිව (මාර්තු 24), එංගලන්තයට එරෙහිව (මාර්තු 27) සහ නවසීලන්තයට එරෙහිව (මාර්තු 31) තරග වදින ශී‍්‍ර ලංකා කණ්ඩායමට පළමු කාණ්ඩයේ හොඳම කණ්ඩායම් දෙක අතරට එක්විය හැකි වුවහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවෙයි.
අන්තර්ජාතික වි:20 කි‍්‍රකට් ප‍්‍රසාද ලකුණු 128 ක් අත්කරගනිමින් ශී‍්‍ර ලංකා පිල වසරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය හිමිකරගෙන සිටී.
පසුගිය වි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 12 වෙනුවට මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගි වෙති.
පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා වන විට පැවැති අන්තර්ජාතික වි:20 ශ්‍රේණිගත කිරීම් අනුව හොඳම කණ්ඩායම් 8 එක එල්ලේම සුපිරි 10 දෙනා අතරට සුදුසුකම් ලබන අතර සුදුසුකම් තේරීමේ තරගාවලියකින් අනතුරුව සුපිරි 10 දෙනාගේ ඉතිරි සාමාජිකයන් දෙදෙනා තෝරාගනු ලැබේ.
ඔක්තෝබර් 8 වැනිදා ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 8 දෙනා අතරට ඇතුළත් නොවූ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් මාර්තු 16 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන පළමු වටයේ තරග වලට සහභාගි වනු ඇත. නොවැම්බර් 15 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියෙන් අනතුරුව පළමු වටයේ ඉතිරි කණ්ඩායම් 6 තෝරා ගැනීමට නියමිතය. පළමු වටයේ කණ්ඩායම් 8 ක් අතුරින් ඒ ඒ කාණ්ඩවල ඉහළින්ම සිටින දෙදෙනා පමණක් සුපිරි 10 දෙනා අතරට ඇතුළත් වේ.
සුපිරි 10 දෙනාගේ තරග ආරම්භ වන්නේ මාර්තු 21 වැනිදා සවස ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයෙනි. මෙම කණ්ඩායම් දෙකම සුපිරි 10 දෙනාගේ වටයේ II වැනි කාණ්ඩායට ඇතුළත් ව ඇත.
විස්සයි/20 ලෝක කුසලාන පිරිමි තරගාවලියේ තරග 35 ක් සහ කාන්තා තරගාවලියේ තරග 25 ක් පැවැත්වේ. මීට පෙර පැවැති තරගාවලිවලදී පරිද්දෙන්ම කාන්තා සහ පිරිමි තරගාවලි දෙකේදීම අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරග එකම කී‍්‍රඩාංගණයක, එකම දිනයකදී පැවැත්වේ.
පිරිමි තරගාවලිය වෙනුවෙන් වෙන්කර ඇති ත්‍යාග මුදල ඩොලර් මිලියන 3 ක් වන අතර එයින් ඩොලර් මිලියන 1.1 ක් තරගාවලියේ ශූරයන් සතුවනු ඇත. අවසන් මහ තරගයේ පරාජිතයන්ට හිමි මුදල ඩොලර් 550,000 කි.
කාන්තා තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගි වේ. එහි ජයග‍්‍රාහක කණ්ඩායමට ඩොලර් 65,000 ක ත්‍යාග මුදලක් හිමිවන අතර අවසන් තරගයේදී පරාජය වන කණ්ඩායමට හිමිවන ත්‍යාගය ඩොලර් 25,000 කි.
පිරිමි තරගාවලිය
I කාණ්ඩය :
ශී‍්‍ර ලංකාව, එංගලන්තය, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය සහ ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන්නා
II කාණ්ඩය :
බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ටේ‍්‍රලියාව, සහ ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන්නා
කාන්තා තරගාවලිය
‘ඒ' කාණ්ඩය
ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ අයර්ලන්තය
‘බී’ කාණ්ඩය
එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.