Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික තරග බිමේ මෙම වසරේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදලින් තෑගි පිරිනැමීමට කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව පැවති ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කම් දිනාගත් හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා ශූරී නදීකා ලක්මාලි හා හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා ශූර සචිත් මධුරංග ඇතුඵ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණනාවකට රුපියල් ලක්ෂ 10 සිට මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීම හෙට (29* පස්වරු 4.00 ට ටොරින්ටන් පෙදෙසේ ඔලිම්පික් නිවසේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධානීන් කැඳවමින් කී‍්‍රඩා අමාතයංශයේදී පැවති සාකච්ඡුාවකින් පසු මෙම වසරේදී ජාත්‍යන්තර පදක්කම් දිනු මෙරට මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදලින් තෑගි ලබා දීමට මෙලෙස තීරණය කර තිබේ.
ඒ අනුව ‘පූනේ’ නුවරදී පැවති 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට චීනයේ ‘නැංජිං’ නුවරදී පැවති ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේදී පදක්කම් දිනා ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් හෙට පැවැත්වෙන උත්සවයේදී ක‍්‍රීඩා ඇමතිවරයා අතින් මුදල් ත්‍යාග ලබාගනු ඇත.
මෙසේ මුදල් ත්‍යාග ලබා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර බර ඉසිලීමේ ක‍්‍රීඩකයන් දෙදෙනකු ද වෙති.
මේ අතර සිකුරාදා පැවැති සාකච්ඡුාවකට පදක්කම් දිනූ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් ක‍්‍රීඩා අමාත්‍යංශයට කැඳවා තිබූ බව වාර්තා වේ.
ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කළ ආසියානු ශූරතා හෙල්ල විසිකිරීමේ පදක්කම් ලාභී සචිත් මධුරංග යළි තරග බිමට කැඳවගෙන ඒම පිළිබඳව ද එහිදී මලල ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රධානින් සමග ඇමැතිවරයා අදහස් හුවමාරු කරගත් බව ද වාර්තා වේ.
ක‍්‍රීඩාවෙන් සමුගත් බව ප‍්‍රකාශ කළත් අවසන් වශයෙන් එළඹෙන යුද හමුදා මලල ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ඔහු තවමත් පුහුණුවීම් වල නිරතව සිටින බැවින් ද ඔහුගේ තීරණය වෙනස් කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයා මලල ක‍්‍රීඩා බලධාරීන්ට එහිදී උපදෙස්දී තිබේ.
කෙසේවුවත් ඒ සම්බන්ධයෙන් සචිත් මෙතෙක් යහපත් ප‍්‍රතිචාර දක්වා නැතැයි ද වාර්තා වේ. 23 හැවිරිදි සචිත් ආසියානු ශූරතා රිදී පදක්කම් හිමිකර ගැනීමත් සමග තරග බිමෙන් සමුගන්නා බව ප‍්‍රකශ කළේය ඒ සම්බන්ධයෙන් තවමත් නිසි ඇගයීමක් කිරීමට බලධාරීන් අපොහොසත්වූ බවට චෝදනා කරමිනි.
මේ අතර අන්තර්ජාතික පදක්කම් දිනාගන්නා මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළ දැමීමට ද සිකුරාදා පැවැති සාකච්ඡුාවේදී තීරණය වී තිබේ.
මුදල් ත්‍යාග ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර පූනේ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා 400X4 (පිරිමි) සහය දිවීමේ කණ්ඩායම ද සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.