Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය හෙට සිට
විස්සයි-20 ක්‍රිකට්

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය හෙට සිට

editorial - 2023 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලිය හෙට (27 වැනිදා) සිට ආරම්භ වෙයි. කණ්ඩායම් 22 ක් සහභාගි වන මෙම තරගාවලිය කාණ්ඩ 4 කින් පැවැත්වෙන්නකි.
 
මූලික වටයේදී තරග ලීග් පදනම අනුව පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයේ ශූරයෝ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබති. ‘ඒ’ සහ ‘ඩී’ කණ්ඩ සඳහා කණ්ඩායම් 6 ක් බැගින් ඇතුළත් වන අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ වලට ඇතුළත් වන්නේ කණ්ඩායම් 5 කි.

තරගාවලියේ අවසන් පූර්ව වටය ජූනි මස 9 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය ජූනි 11 වැනිදා එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි.
 
පසුගිය වසරේදී (2022) අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම තරගාවලියට කණ්ඩායම් 26 ක් සහභගි වූ නමුත් පළමු පෙළ තරගාවලියේදී දුර්වල වූ කණ්ඩායම් 4 ක් ප්‍රධාතම තරගාවලියෙන් ඉවත් කරන ලදි. ඒ අනුව සැරසන්ස්, කළුතර නාගරික ක්‍රීඩා සමාජය, නාවික හමුදාව සහ ලන්කන්ස් ක්‍රීඩා සමාජය මේ වසරේදී ප්‍රධානතම තරගාවලියෙන් ඉවත් කරන ලදි.

මෙම වසරේ ප්‍රධානතම පළමු පෙළ තරගාවලියටත් කණ්ඩායම් 22 ක් ක්‍රීඩා කරන නමුත් එය අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ පහළින්ම සිටින කණ්ඩායම් 4 ට ලබන වසරේදී ප්‍රධානතම තරගාවලිය අහිමි වනු ඇත. ඒ අනුව 2024 දී ප්‍රධානතම තරගාවලිය කණ්ඩායම් 18 කට සීමාවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉලක්කය වන්නේ වසර 2025 දී ප්‍රධානතම තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 14 ක් දක්වා අඩුකිරීමයි.


විස්සයි-20 තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කර ඇති ආකාරය
‘ඒ’ කාණ්ඩය
යුද හමුදාව, පානදුර ක්‍රීඩා සමාජය, ගුවන් හමුදාව, පොලිස් ක්‍රීඩා සමාජය, එන්.සී.සී. සහ හලාවත මේරියන්ස්

‘බී’ කාණ්ඩය
කෝල්ට්ස්, රාගම ක්‍රීඩා සමාජය, සෙබස්තියනයිට්ස්, නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

‘සී’ කාණ්ඩය
ඒස් කැපිටල්, එස්.එස්.සී, ද්‍රවිඩ සංගමය, බදුරළිය ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය

‘ඩී’ කාණ්ඩය
බී.ආර්.සී., මුවර්ස්, ගාල්ල ක්‍රිකට් සමාජය, සී.සී.සී, කැන්ඩි කස්ටම්ස් සහ මීගමුව ක්‍රිකට් සමාජය


අදහස් (0)

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.