ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග මහතා අතර ඇතිවී තිබෙන මත ගැටුම සමථයකට පත් නොවේ නම් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තැනට කී‍්‍රඩා අමාත්‍යංශ්‍ය තල්ලූ වෙමින් යන බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.
අතුරු කමිටුවක් පත්කිරීම පිළිබඳව පෙරේදාත් (13 වැනිදා) ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැති නමුත් දෙදෙනාටම තවත් අවස්ථාවක් දීම සඳහා ගැටුමට මැදිහත් වී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාට සහ ලේකම්වරයාට අද (15 වැනිදා) පෙරවරුවේදී කී‍්‍රඩා අමාත්‍යංශයේදී තමන් මුණගැසෙන ලෙස කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් කළ විමසීමකදී ධර්මදාස මහතා කියා සිටියේ අද උදෑසන කී‍්‍රඩා ඇමතිවරයා හමුවීමට තමන් සූදානමින් සිටින බවයි.
”සභාපති කවුද, ලේකම් කවුද කියල දැනගෙනනේ වැඩ කරන්න ඕනේ. මම නම් මේ දක්වා වැඩ කළේ එහෙම තමයි” යයි මෙවන් මත ගැටුමක් ඇතිවීමට හේතුව පිළිබඳ කළ විමසීමකදී ධර්මදාස මහතා පැවසීය.
”කී‍්‍රඩා ඇමතිවරයා අපට අවස්ථා කිහිපයකදීම කිවුවා හරිහමන් ප‍්‍රධාන විධායක නිලධාරියකු යොදාගෙන වැඩ කරගෙන යන්න කියලා. පස්සේ මම ප‍්‍රධාන විධායක නිලධාරි තුමාට (ඈෂ්ලි ද සිල්වා මහතා) කිව්වා තමන්ගේ බලතල අනුව කටයුතු කරන්න කියලා.”
”මගේ ඒ ප‍්‍රකාශය විධායක කමිටුවත් අනුමත කළා වුණත් මේ සේරම ඊට පස්සේ තමයි” යයිද ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.
තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් විමසීමක් කළද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් රණතුංග මහතා වැළකී සිටියේය.
දැනට මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා සහ ලේකම්වරයා අතර ඇතිව තිබෙන විරසකය සමථයකට පත්කිරීම සඳහා කී‍්‍රඩා ඇමතිවරයා මෙන්ම රජයේ ඉහළම ප‍්‍රභූවරුන් පවා මැදිහත් වූ නමුත් එම විරසකය වරින් වර යටපත් වූවා මිස නිමාවට පත් නොවිණ.
මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගත් ශී‍්‍ර ලංකා - පාකිස්තාන් දෙවැනි ටෙස්ට් තරගය පැවැති අගෝස්තු මස අවසානයේදී මෙම තත්ත්වය ඉතාමත් දරුණු අතට හැරුණු නමුත් මහේලගේ සමුගැනීමේ තරගය නැරඹීමට පැමිණි ඉහළම ප‍්‍රභූවරයකුගේ මැදිහත් වීම මත එවරද එය යටපත් කෙරිණ.
මේ වන විට තත්ත්වය කෙතරම් බරපතළ වී ඇත්ද කිවහොත් ප‍්‍රධාන විධායක නිලධාරිවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නියෝගයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයන් පිරිසක් අන්දමන්දව සිටින අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු සෑහෙන ප‍්‍රමාණයක් නතර වී තිබෙන බවත් වාර්තා වේ. ඊට ප‍්‍රධානම හේතුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වැටුප් ලබන සේවකයන් පවා දෙපිල බෙදී සිටීම බවද විධායක කමිටු සාමාජිකයෙක් ලංකාදීපට පැවසීය.
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡ කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක සභාවේ හදිසි රැස්වීමක් අද පස්වරු 3.00 ට පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.