Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (10 වැනිදා) පැවැති අටවැනි අදියර ජයගැනීමට ස්වීඩනයේ මැටියාස් එක්ස්ට්‍රෝම් සමත් විය. අල් දවදිමි ප‍්‍රදේශයේ සිට වාදි අද් දවසිර් ප‍්‍රදේශය දක්වා කිලෝ මීටර් 830 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා එක්ස්ට්‍රෝම්ට පැය 3 යි විනාඩි 43 යි, තත්ත්පර 21 ක කාලයක් ගත විය.
මේ වන විට 43 වැනි වියේ පසුවන එක්ස්ට්‍රෝම් සිය කී‍්‍රඩා දිවිය තුළදී ලැබූ දෙවැනි ඩකාර් රැළි අදියර ජයග‍්‍රහණය මෙය විය. එක්ස්ට්‍රෝම්ට වඩා තත්ත්පර 49 ක් පසුපසින් තරගය නිමා කළ කටාරයේ ප‍්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් අටවැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.
අටවැනි අදියර අවසාන් වන විට තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට නේසර් අල් අතියා සමත්ව සිටින අතර අදිරය 8 නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති මුළු කාලය පැය 27 යි, විනාඩි 45 යි, තත්ත්පර 52 කි. සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන ප‍්‍රංශයේ සෙබස්තියන් ලොබ්, අටවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත්වෙමින් තමා සහ අල් අතියා අතර පැවැති කාල පරතරය අඩුකර ගත්තේය.
අටවැනි අදියරෙන් අනතුරුව අල් අතියා සහ තමා අතර පැවැති කාල පරතරය විනාඩි 44 යි, තත්ත්පර 59 සිට විනාඩි 37 යි, තත්ත්පර 58 ක් දක්වා පහළ දමා ගැනිමට ලොබ් සමත් විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන අල් රාජි සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 53 යි, තත්ත්පර 13 කි.
අටවැනි අදියරේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට ස්පාඤයේ කාර්ලෝස් සේන්ස් සහ දකුණු අපි‍්‍රකාවේ හෙන්ක් ලැටෙගන් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලොබ්ට වඩා විනාඩි 3 යි, තත්ත්පර 11 ක් සහ විනාඩි 3 යි, තත්ත්පර 20 ක් පසුපසින් එම අදියර නිමා කළහ.
අටවැනි අදියරේ ප‍්‍රතිඵලය
1 මැටියාස් එක්ස්ට්‍රෝම් (ස්වීඩනය) - පැය 3 යි, විනාඩි 43 යි, තත්ත්පර 21 යි
2 ස්ටීවන් පීටර්හැන්සල් (ප‍්‍රංශය) - පැය 3 යි, විනාඩි 44 යි, තත්ත්පර 10 යි
3 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 3 යි, විනාඩි 46 යි, තත්ත්පර 29 යි
4 කාර්ලෝස් සේන්ස් (ස්පාඤය) - පැය 3 යි, විනාඩි 46 යි, තත්ත්පර 32 යි
5 හෙන්ක් ලැටෙගන් (දකුණු අපි‍්‍රකාව) - පැය 3 යි, විනාඩි 46 යි, තත්ත්පර 41 යි
සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 27 යි, විනාඩි 45 යි, තත්ත්පර 52 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 28 යි, විනාඩි 23 යි, තත්ත්පර 50 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 28 යි, විනාඩි 39 යි, තත්ත්පර 05 යි
4 ජකූබ් ප‍්‍රසිගොන්ස්කි (පෝලන්තය) - පැය 29 යි, විනාඩි 13 යි, තත්ත්පර 58 යි
5 ඔර්ලන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 29 යි, විනාඩි 17 යි, තත්ත්පර 31 යි
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.