සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතයට වසර 2 කට පමණ පසුව තුන් ඉරියව් කී‍්‍රඩකයෙක් මෙන්ම හිටපු නායකයකු ද වන ෂොයිබ් මලික් සහ වේග පන්දුයවන කී‍්‍රඩක මොහොමඞ් සාමි කැඳවා තිබේ.
කෙසේ වුවත් මෑතකදී පන්දුව දමා ගැසීමේ චෝදනා වලින් නිදහස් වූ පාකිස්තාන පිලේ ප‍්‍රධානතම දඟ පන්දු යවන්නා වන සයිඞ් අජ්මාල් මෙම සංචිතය තෝරා ගැනීමේදී සලකා බලා නැත. වාර්තා වන ආකාරයට අයීඞ් අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව කෙරේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව දැඩි විමසිල්ලෙන් සිටින බැවින් අජ්මල් පන්දුයැවීම සඳහා වෙනත් ඉරියව්වක් නිර්මාණය කරමින් සිටී.
කෙසේ වෙතත් මෙම එක්දින සංචිතයට අජ්මල්ගේ අඩුව තදින් දැනෙනු ඇතැයි කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස් මහතා පවසයි.
”මා හිතන්නේ නෑ ඔහු (අජ්මල්) නැවතත් ඉක්මනින් කි‍්‍රකට් පිටියට ඒවි කියා. ඒ කෝක වුණත් අපි තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දෙන්න ඕනෑ”
”අපට තරුණ කී‍්‍රඩකයන් ඉන්නවා. ඉමාඞ් වසිම් අපේ හොඳ සොයා ගැනීමක්” යයිද පාකිස්තානු පුහුණුකරු වකාර් යුනිස් මහතා පවසා තිබේ.
අජ්මල් කණ්ඩායමට එක් නොවීමේ වාසිය හිමිවී ඇත්තේ ෂොයිබ් මලික්ටය. තවමත් 33 හැවිරිදි ෂොයිබ් මලික්, අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයකට සභාගිවී ඇත්තේ 2013 වසරේ ජූනි මාසයේදීය. වසර 2 ක් පමණ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් අහිමි වුවද, එම කාලය තුළ සහභාගී වූ පළමු පෙළ තරග වලදී ශතයක් සහ අර්ධ ශතක 5 ක් ලබාගනිමන් ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 50.36 ක රඳවා ගැනීමට මලික් සමත් වී ඇත.
2012 වසරේ ජූනි මාසයෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරගයකට සභාගිවී නොමැති මොහොමඞ් සාමි, එම කාලය තුළ සහභාගී වූ පළමු පෙළ තරග වලදී කඩුලූ 19 ක් බිඳහෙළා ඇති අතර එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 23.63 ලෙස සටහන් වේ. සාමි වේ වන විට 34 වැනි වියේ පසුවේ.
තරග 3-0 ක් ලෙස බංගලාදේශ පිල හමුවේ ලද පරාජයත් සමගම කණ්ඩායමේ සැළකිය යුතු වෙනස්කම් කිහිපයක්ම කිරීමට පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය කටයුතු කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අහමඞ් ෂෙශාඞ් නැවත කණ්ඩායමට කැඳවීමටත්, දෙවැනි විස්සයි20 තරගයේදී ජාත්‍යන්තර වරම් දිනාගත් ඉමාඞ් වසීම් එක්දින කණ්ඩායමට නම් කිරීමටත් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
උමාර් ගුල්, රාහට් අලී සහ සුල්ෆුර් බාබර් යන කී‍්‍රඩකයන්ට මෙම තරගාවලියේදී සිය ස්ථාන අහිමිවී ඇති අතර කණ්ඩායමේ වේග පන්දුයවන්නන් ලෙස වහබ් රියාස්, අන්වර් අලී, ජුනෙයිඞ් ඛාන් සහ මොහොමඞ් සාමි කටයුතු කරති. යසිර් ෂා, එකම විශේෂඥ දඟ පන්දුයවන්නා වශයෙන් කණ්ඩායමට එක්ව සිටියි.
ආරම්භ පිතිකරු සාමි අස්ලම්, මැද පෙළ පිතිකරු සාද් නසීම් සහ ෆාවඞ් අස්ලම් යන කී‍්‍රඩකයන්ද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර බංගලාදේශ තරගාවලියට සහභාගී නොවූ උමාර් අක්මාල් මෙම තරගාවලයේදී නැවතත් කණ්ඩායට එක්ව සිටියි.
පාකිස්තාන එක්දින සංචිතය -
අසාර් අලී (නායක), මොහොමඞ් හෆීස්, අහමඞ් ශේෂාඞ්, අසාද් ශෆීක්, හැරිස් සොහේල්, ශොයිබ් මලික්, බාබර් අසාම්, මොහොමඞ් රිස්වාන්, සෆ්රාස් අහමඞ්, අන්වර් අලී, හමාඞ් අසාම්, ඉමාඞ් වසීම්, යසීර් ෂා, වහබ් රියාස්, මොහොමඞ් සාමි, ජුනේඞ් ඛාන්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.