Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් ශූරතාව මුවර්ස් පිලට

23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් ශූරතාව මුවර්ස් පිලට

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 23 න් පහළ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුවර්ස් ක්‍රිකට් සමාජය සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් මුවර්ස් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. 

තරගයේ පළමු දිනයේදී ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටි රාගම ක්‍රිකට් සමාජයට, දෙවැනි දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ තීසන් විතුෂාන් එහිදී ලකුණු 102 කට කඩුලු 5 ක් බිඳහෙළමින් රාගම ඉනිම අඩපණ කළේය. 

පිළිතරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මුවර්ස් ක්‍රීඩකයෝ, නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 298 ක් ලබා රාගම ක්‍රිකට් සමාජයට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටියහ. එහිදී සොහාන් ද ලිවේරා (72), ජනිෂ්ක පෙරේරා (72) සහ නායක මොහොම ශමාස් (73) අර්ධ ශතක ලබාගනිමින් මුවර්ස් ඉනිම සවිමත් කළහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිලෝන් පීරිස් ලකුණු 102 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් වුවද, ඔහුට මුවර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට වඩා අඩුවෙන් රඳවා ගැනීමට නොහැකි විය. එහිදී ඩිලෝන්ට අනගි සහායක් දුන් ශෂික දුල්ෂාන් ලකුණු 92 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

රාගම ක්‍රිකට් සමාජ පළමු ඉනිම - සියලු දෙනා දැවී 293 
(දුලාජ් බණ්ඩාර 73, ළහිරු දෙවැටගේ 17, රන්මිත් ජයසේන 72, ඩිලෝන් පීරිස් 27, ශෂික දුල්ෂාන් 52, අෂාන් ප්‍රනාන්දු නොදැවී 15, තීසන් විතුෂාන් 102/5, දිනුක දිල්ෂාන් 19/2) 

මුවර්ස් ක්‍රිකට් සමාජ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 298 
(දිනුක දිල්ෂාන් 44, සොහාන් ද ලිවේරා 72, ජනිෂ්ක පෙරේරා 72, මොහොමඩ් ශමාස් 73, ඩිලෝන් පීරිස් 102/5, ශෂික දුල්ෂාන් 92/3) 


අදහස් (0)

23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් ශූරතාව මුවර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.