Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2030 ලෝක කුසලාන ප්‍රචාරයට රොනාල්ඩෝ නෑ

2030 ලෝක කුසලාන ප්‍රචාරයට රොනාල්ඩෝ නෑ

editorial - 2023 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2030 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරය ලබාගැනීමට සෞදි අරාබිය ගන්නා උත්සාහය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 214 ක් උපයාගැනීමේ අවස්ථාව පෘතුගාලයේ පාපන්දු නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට නැති බව රොනාල්ඩෝගේ නවතම පාපන්දු සමාජය වන අල් නසාර් ක්‍රීඩා සමාජය කියයි.

ඒ සම්බන්ධයෙන් දැනට පවතින පුවත් පත් වාර්තා සහ සමාජ මාධ්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අල් නසාර් ක්‍රීඩා සමාජය, “රොනාල්ඩෝගේ කොන්ත්‍රාත්තුවෙන් කිසිම ආකාරයක ලෝක කුසලාන තරගාවලියක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම් නොවන බව පැහැදිලියි” යයි ට්විටර් සටහනක් නිකුත් කරමින් කියා තිබේ.

රොනාල්ඩෝගේ “ප්‍රධාන අවධානය” සෞදියේ ක්‍රීඩා සමාජය කෙරෙහි වන අතර “ක්‍රීඩා සමාජයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම වෙනුවෙන් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ වැඩ කිරීම රොනාල්ඩෝගේ ප්‍රධාන අපේක්‍ෂාවයි” යැයි ද අල් නසර් ක්‍රීඩා සමාජය වැඩිදුරටත් පැවසීය.

සෞදි අරාබියේ රොනාල්ඩෝ ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සමගින් වසරකට ඩොලර් මිලියන 214 ක ගිවිසුමක් අත්සන් කර තිබේ. ඔහුගේ කොන්ත්‍රාත්තුවට වාණිජ සහ අනුග්‍රාහක බැඳීම් ද ඇතුළත් වේ.

පසුගිය වසරේ (2022) පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ සාර්ථකව පැවැත්වීමෙන් පසුව, සෞදි අරාබියත් පාපන්දු ලෝක කුසලාන තරාගවලිය සම්බන්ධයෙන් උනන්දු වී තිබේ. සෞදි අරාබි ජාතිකයක් බොහෝ සෙයින් ආදරය කරන පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නැවත වරක් මැදපෙරදිගට ගෙන ඒමේ ලංසුව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමෙන් පසු, ඉකුත් දෙසැම්බර් මාසයේදී සෞදියේ අල් නසාර් වෙත එක් වූ රොනාල්ඩෝ, පාපන්දු රසිකයෙකුගේ දුරකථනයක් අතින් කඩා දැමීම හේතුවෙන් මේ වන විට තරඟ දෙකක තහනමකට ලක්ව සිටී. ඒ සම්බන්ධයෙන් රොනාල්ඩෝට ඩොලර් 60,000 ක දඩයකටද මුහුණ දීමට සිදු විය.

කෙසේ වෙතත්, රොනාල්ඩෝගේ පළමු තරඟය ජනවාරි 19 වන දින පැවැත්වීමට නියමිත ලයනල් මෙසීගේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමට එරෙහිව විය හැකිය.

- 213


අදහස් (0)

2030 ලෝක කුසලාන ප්‍රචාරයට රොනාල්ඩෝ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.