
(දමින්ද විජේසූරිය)
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 ම වසර මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති. මීළඟ ලෝක කුසලාන තරගාවලිය වසර 2028 දී ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනා අතරට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා නැත. එහෙත් ඔවුන් 2028 තරගාවලියේ සම සත්කාරකයන් වන බැවින් 2028 තරගාවලිය සඳහා ඕස්ටේ්රලියාවත් ඇතුළත් කෙරෙනු ඇත.
2028 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20 කි. ඒ සඳහා සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 12 කි.
මෙවර තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 ත්, සම සත්කාරක ඕස්ට්‍රේලියාව සහ 2026 මාර්තු 9 වැනිදා (මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පසු දිනය) අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ ඉහළින්ම සිටින සෙසු කණ්ඩායම් තුනත් 2028 තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගනු ඇත. තරගාවලියට සහභාගි වන ඉතිරි කණ්ඩායම් 8 කලාපීය දස්කම් අනුව තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.
මෙම තත්ත්වය අනුව බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය 2028 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි පසුබිම වන්නේ මේවන විටත් බංග්ලාදේශය (09), ඇෆ්ඝනිස්ථානය (10) සහ අයර්ලන්තය (12) ශ්‍රේණිගත ලයිස්තුවේ අපේක්ෂිත සීමාවේ සිටින බැවිනි. අනෙක් කාරණය නම් මාර්තු 9 වැනිදාට පොරතුව මෙම කණ්ඩායම් වලට විස්සයි-20 අන්තර්ජාතික තරග නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ ශ්‍රේණිගත ස්ථාන වෙනස් නොවීමයි.
දැනට පවතින තත්ත්වය අනුව 2028 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් :
ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ටේ්රලියාව, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.