Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය එක්ව 10 වැනි වරටත් සංවිධානය කරන ‘ප්‍රීමා’ කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 17 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දිස්ත්‍රික් තරගාවලිය කණ්ඩායම් 32 ක් අතර මේවනවිට පැවැත්වෙන අතර එම දිස්ත්‍රික් තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රීඩකයින්ගෙන් සමන්විත පළාත් කණ්ඩායම් තෝරාගනු ලැබේ.
ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ බිනර ප්‍රනාන්දු මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන අනුක් ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම සහ ප්‍රියමාල් පෙරේරාද මෙම ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් තම කුසලතා වර්ධනය කරගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.
ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගීවූ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හී ජේ්‍යෂඨ අලෙවි කළමණාකාර සජිත් ගුණරත්න මහතා පැවසූයේ මෙම තරගාවලිය හරහා ප්‍රීමා සමූහ ව්‍යාපාරය මෙරට කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි. ඒ අතරේම තරගාවලිය පැවැත්වෙන කාළය තුළදී තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින්හට සම්පූර්ණ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර මෙන්ම අවශ්‍ය ක්‍රීඩා උපකරණ සපයමින්ද ඔවුන් ශාරීරිකව හා මානසිකවද ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද ගුණරත්න මහතා පැවසීය.
මෙවර තරගාවලියේදී පළමු වටය සදහා කණ්ඩායම් 12 ක් කාණ්ඩ දෙකක් යටතේ තරගවදින අතර පළමු වටයේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 30 කි. පළමු වටයේ තරග ක්‍රීඩාංගණ 10 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රසාද ලකුණු අනුව ඒ ඒ කාණඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගනූ ඇත.
අවසන් පූර්ව තරග මෙම මස 26 වැනිදා සී.සී.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර අවසන් මහා තරගය දෙදින තරගයක් ලෙස 29 සහ 30 යන දෙදිනයන්හී එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගයේ සජීවී රූපවාහිනි විකාශනයක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.
තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
‘ඒ කාණ්ඩය | ‘බී’ කාණ්ඩය |
බස්නාහිර පළාත (උතුර) | බස්නාහිර පළාත (දකුණ) |
බස්නාහිර පළාත ( උතුර-පිටත) | බස්නාහිර පළාත (දකුණ-පිටත) |
ඌව පළාත | නැගෙනහිර පළාත |
උතුරු පළාත | මධ්‍යම පළාත |
වයඹ පළාත | උතුරු මැද පළාත |
බස්නාහිර පළාත (මධ්‍යම) | දකුණු පළාත |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.