Last Update  :  2023-06-03 13:02:00 About Contact
IMG-LOGO
dailymirror.lk
නිවස්න පිටුව Top story අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන්ට චමරිගෙන් පිළිතුරක්

අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන්ට චමරිගෙන් පිළිතුරක්

editorial - 2023 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන සුපර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා ප්‍රදර්ශන ලීගයේ තෙවැනි තරගයේදී ඇමසන්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ශතකයක් ලබාගැනීමට සුපර් වුමන් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරි අතපත්තු (නොදැවී 107) සමත් වූවාය.

එහිදී පන්දු 60 කට මුහුණදුන් චමරි හයේ පහර 6 කින් සහ හතරේ පහර 12 කින් සිය ශතකය අලංකාර ක‍ළාය. මේ දිනවල පැවැත්වෙන කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසියටද චමරි ඇතුළත්ව සිටි නමුත්, ඇගේ සේවය ලබා ගැනීමට එහි කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය සුපර් වුමන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූ‍යේ ලකුණු 185 ක් පමණි. ඉරාම් ජ‍ාවෙද් (35) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චමරි සමත් වුවද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමසන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 218 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකාරිණී ඩැවී වයට් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 20 කින් ලකුණු 43 ක්ද, නායිකා බිස්මා මරූෆ් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක්ද රැස්කළහ.

 

ඇමසන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 218
(ඊමන් ෆාතිමා 19, ඩැනී වයට් 43, බිස්මා මරෑෆ් 51, ටැමී බියුමොන්ට් 39, මයියා බවුචර් 21, අයිමාන් අන්වර් 40/2)

සුපර් වුමන් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 185
(චමරි අතපත්තු නොදැවී 107, ඉරාම් ජාවෙද් 35, ෆාතිමා සානා 34/3, ඩැනී වයට් 43/2) 

-036


අදහස් (0)

අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන්ට චමරිගෙන් පිළිතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.