Last Update  :  2026-01-02 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘පී‍්‍රමා කුසලාන’ බස්නාහිර පළාත් උතුර පිලට

‘පී‍්‍රමා කුසලාන’ බස්නාහිර පළාත් උතුර පිලට

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 50 කින් දකුණු පළාත් කණ්ඩායම පරාජය කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ‘පී‍්‍රමා කුසලාන’ අන්තර් පළාත් වයස 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය බස්නාහිර පළාත් උතුර කණ්ඩායම, මන්දාලෝක තත්ත්වය නිසා තරගය නරත කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේ.

එහිදී දුෂාන් හෙට්ටිගේ ලකුණු 64 ක් ලබාගත් අතර සංජුල අබේවික‍්‍රම නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් තරගය නතර කරන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු පළාත් කණ්ඩායම  ඕවර 43.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 191 ක් ලබාගත් අතර දකුණු පළාත් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රවිඳු සංජන ලකුණු  69 ක් රැස්කළේය.

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම වෙනුවෙන් නායක ජෙහාන් ඩැනියෙල් සහ සංජුල ඉලංගතිලක කඩුලූ 3 බැගින් දවාගැනීමට සමත්වූහ.

කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු පළාත් කණ්ඩායමට ආරාධනා කළේය.

දකුණු පළාත් කණ්ඩායම -  ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 191
(සුපුන් කවින්ද 32, රවි සංජන 69, කවිඳු එදිරිවීර 38, ජෙහාන් ඩැනියෙල් 36/3, සංජුල ඉලංගතිලක 31/3, නිපුන් සමරසිංහ 42/2)

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම -  ඕවර 26.5 කදී කඩුලූ 2 ක් දැවී 139
(දුෂාන් හෙට්ටිගේ 64, සුහන්‍ය විජේවර්ධන 25, සංජුල අබේවික‍්‍රම නොදැවී 44)


අදහස් (0)

‘පී‍්‍රමා කුසලාන’ බස්නාහිර පළාත් උතුර පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.