Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘ඩී’ කාණ්ඩයේ මුල්තැන පළමු ඉලක්කයයි

‘ඩී’ කාණ්ඩයේ මුල්තැන පළමු ඉලක්කයයි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන 10 වැනි වයස 19 න් පහළ ‘යොවුන් ලෝක කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික ඉලක්කය පළමු වටයේ තරග තුනම ජය ලබා ‘ඞී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීම බව ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිලේ නායක කුසල් මෙන්ඩිස් පැවසීය.    

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පෙරේදා (08) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී ආගමික ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්  ‘ලංකාදීප’යට මෙසේ පැවසීය.

‘‘අපේ මූලික ඉලක්කය පළමු වටයේ තරග තුනම ජය ලබා අපේ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වීමයි. එසේ වුවහොත් අපිට දෙවැනි වටයේ තරගයේ මුණගැසෙන්නේ අනෙක් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම, ඒ නිසා අපේ කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගැනීම ලොකු වාසියක් වෙනවා.

”මට කණ්ඩායම පිළිබ`දව ලොකු විශ්වාසයක් තියෙනවා, ඒ නිසා මම හිතනවා අපිට පළමු ඉලක්කය සම්පූර්ණ කරන්න හැකියාව තිබෙන බව’’

”අපි මුල සිටම කිවේවේ ලොකු තැනකට එනවා කියලා. අපි ඒ ඉලක්කය තියාගෙන තමයි පුහුණුවීම් කළේ. මා හිතනවා ලංකාවේ ඉන්න හොදම කණ්ඩායම මේ යන්නේ. අපිට මේ අවස්ථාවේ විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා”

”අත්තෙන්ම නායකත්වය ලැබීම ගැන ගොඩක් සතුටුයි. මීට පෙර සංචාරවලදී මට ගොඩක් අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩකයන් සහභාගි වූ තුන්කොන් තරගාවලියට සහභාගි වීමෙන් මට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් බොහෝ දේ එකතු කරගන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඒ නිසා නායකයා හැටියට කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන්ගේ අදහස්වලට කන් දීලා හො`දින් නායකත්වයේ කටයුතු කරන්න මට හැකි වෙයි කියලා හිතනවා”

ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමක් හැටියට සූදානම පිළිබ`දව ශ්‍රී ලංකා නායකයා මෙසේ පැවසීය.

”වසරක සිට පුහුණුවීම් කළා, සෑම අංශයකින්ම සම්පූර්ණයි කියලා හිතනවා. අවසන් තරගාවලිය වූ  ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේ තරග තුනම ජය ලබා හො`දින් අවසන් කළා. පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැුකීම යන අංශ තුනෙන්ම අපි ශක්තිමත්, මම හිතනවා ලෝක කුසලාන තරගාවලිය අපිට ගොඩක් හොදින් කරන්න පුළුවන් වෙයි කියලා”

”ආසියානු කුසලාන තරගාවලියේ පරාජයෙන් පසුව අපි හිතාගත්තා ලෝක කුසලාන තරගාවලිය ගොඩක් හොදින් කරනවා කියලා. ඒ ස`දහා කණ්ඩායම එකමුතුව සූදානම් වෙලා ඉන්නවා. මම හිතනවා ඒ කණ්ඩායම් හැගීමත් එක්ක ලෝක කුසලානයේදී අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා”

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීම ශ්‍රී ලංකාවට යම් වාසියක් වූයේ ද යන ප‍්‍රශ්නයට කුසල් මෙසේ අදහස් දැක්වීය.

”ආසියානු කුසලාන තරගාවලිය නිසා අපි මේ වන විට ඩුබායි, අබුඩාබි සහ සාජා ක‍්‍රීඩාංගණය ගැන, ඒ වගේම ඒවායේ තණතීරු ගැන දන්නවා. තණතීරුව වේගවත් ද, මන්දගාමී ද යන්න පිළිබදව පවා දැන් අපිට අවබෝධයක් තියෙනවා. ආසියානු කුසලානය අපිට ගොඩක් වාසි වුණා, ඒ නිසා අපි දැන් දන්වා ඒ ක‍්‍රීඩාංගණවල ක‍්‍රීඩා කළ යුත්තේ කොහොමද කියලා”

”මෙම තරග පැවැත්වෙන තණකීරුවල පෙරවරුවේ වේග පන්දු යවන්නන්ට පොඩි වාසියක් තිබුණත්, දවල් වෙන විට මන්දගාමි වෙනවා. අපි ආසියානු කුසලාන තරගාවලියේදී දඟ පන්දු යවන්නන්ගෙන් තමයි තරග පාලනය කළේ. තරග පැවැත්වෙන තණතීරු අපි දැක්කෙ නෑ, වෙනසක් වෙලා තියෙනවාද දන්නේ නෑ. කෙසේ වෙතත් මම හිතනවා මේ තරගාවලියේදීත් දඟ පන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා”

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන  පළමු තරගයට කණ්ඩායමේ සූදානම පිළිබදව කුසල් මෙසේ පැවසීය.

”අපිට දැනගන්නට ලැබී ඇති විදියට නවසීලන්ත පිල වේග පන්දුයවන්නට හොදින් ක‍්‍රීඩා කරනවා, දඟ පන්දු යවන්නන්ට එතරම් හොදින් ක‍්‍රීඩා කරන්නේ නැතිලූ. අපි  ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේදී ඒ පිළිබ`දව අත්දැකීම් ලබාගත්තා, අපේ වේග පන්දු යවන්නන් හොදින් පන්දු යවනවා, ඒ වගේම සියලූ දෙනා හො`දින් පන්දු රකිනවා, ඒ නිසා අපි මූලික දේවල් හො`දින් කළහොත් අපිට සාර්ථක වෙන්න අපහසු වෙන්නේ නෑ’’
ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු, නවීඞ් නවාස් මහතා කණ්ඩායමේ සූදානම පිළිබදව ‘ලංකාදීප’යට මෙසේ පැවසීය.

”අපි බංග්ලාදේශ සහ ඉන්දියාවට එරෙහිව පසුගිය වසරේ මුල සිට ක‍්‍රීඩා කරලා, මේ වසර මුල ආසියානු කුසලානයට ක‍්‍රීඩා කරලා. ඊට පසුව ලෝක කුසලානයට සතියක් තියලා  ඕස්ටේ‍්‍රලියාව පරාජය කළා. මේ වන විට අපිට හොද සූදානමකින් ඉන්න, සමබර කණ්ඩායමක් ඉන්නවා’’

‘‘අපිට ඩුබායි, අබාඩාබි, සාජා යන ක‍්‍රීඩාංගණ තුනේම තරග තිබෙනවා. ආසියානු කුසලානයට පෙර අපිට ක‍්‍රීඩාංගණ පිළිබදව අවබෝධයක් තිබුණේ නෑ. නමුත් එම තරගාවලියේදී ඒ රටේ තත්ත්වය පිළිබදව දැනුමක් ලබා ගන්න හැකිවුණා. එසේ නොවුණා නම් තරගාවලියට ගිහින් වැරදි කරලා ඉගෙන ගන්න අපිට වෙන්නේ, දැන් අපි යන්නේ දැනුමක් සමගයි’’

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ මූලික ඉලක්කය පිළිබදව පුහුණුකරු ද අදහස් දැක්වීය.

‘‘අපේ මුලිකම ඉලක්කය පළමු වටයේ තරග තුනම ජය ලැබීමයි. ඊට පසුව අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි පසු තරගයෙන් තරගයට යා යුතුයි. පළමු වටයේ වරදක් වුණත් දෙවැනි වටයේ තරග තුනේදී වැරදි කරන්න බෑ. මට හොද විශ්වාසයක් තියෙනවා මගේ ක‍්‍රීඩකයන් හොදින් කරයි කියලා’’

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල ආදි කණ්ඩායම් නියෝජනය කරමින් අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් ඇති ප‍්‍රබල පිතිකරුවකි. වමතින් වේග පන්දු යවන අනුක් ප‍්‍රනාන්දු 2012 යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ දක්‍ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයකි.

අනුක් ප‍්‍රනාන්දු, ප‍්‍රියමාල් පෙරේරා, රමේෂ් මෙන්ඩිස් සහ හර්ෂ රාජපක්‍ෂ යන ක‍්‍රීඩකයෝ පසුගිය තරගාවලිවලදී තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ලෙස දස්කම් දැක්වීමට සමත් වූ ක‍්‍රීඩකයෝ වෙති.

ලක්‍ෂාන් ජයසිංහ කණ්ඩායමේ ප‍්‍රධානම පා දඟ පන්දු යවන්නා වන අතර ප‍්‍රියමාල් පෙරේරා ප‍්‍රධානතම පිට දඟ පන්දු යවන්නා වේ. වමතින් වේග පන්දු යවන්නන් වන අනුක් ප‍්‍රනාන්දු සහ බිනුර ප‍්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නෝ වෙති.

නායක කුසල් මෙන්ඩිස්, හෂාන් දුමිඳු, උප නායක සධීර සමරවික‍්‍රම සහ මිනෝද් භානුක ප‍්‍රබලතම පිතිකරුවෝ වෙති.   මෙම කණ්ඩායමට අවසන් මොහොතේදී එකතු වූ ක‍්‍රීඩකයකු හැර සෙසු සියලූම ක‍්‍රීඩකයෝ මේ දක්වා පැවැති තරග වලදී දස්කම් දැක්වීමට සමත් වූ ක‍්‍රීඩකයෝ වෙති.

මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට අෆ්ගනිස්තානය,  ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, ඉන්දියාව, නැමීබියාව, නවසීලන්තය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප‍්‍රිකාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන රටවල් 16 සහභාගි වෙයි.

මෙම කණ්ඩායම් 16, කණ්ඩායම් හතර බගින් වන කාණ්ඩ හතරක් යටතේ පළමු වටයේදී තරග කරන අතර එම කණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් අට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.  

පළමු වටයේදී ශ්‍රී ලංකාව, නවසීලන්තය, එංගලන්තය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල්  ‘ඞී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය නවසීලන්තයට එරෙහිව මේ මස 14 වැනිදා සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම:
කුසල් මෙන්ඩිස් (නායක)
සධීර සමරවික‍්‍රම (උප නායක)
මිනෝද් භානුක
හෂාන් දිමිදු
කවිඳු කුලසේකර
ප‍්‍රියමාල් පෙරේරා
තිලක්‍ෂ මල්ෂාන්
හෂේන් රාමනායක
බිනුර ප‍්‍රනාන්දු
අනුක් ප‍්‍රනාන්දු
හෂාන් විමර්ශන
ඒ. කේ. ටිරෝන්
ලක්‍ෂාන් ජයසිංහ
රමේෂ් මෙන්ඩිස්
හර්ෂ රාජපක්‍ෂ


අදහස් (2)

‘ඩී’ කාණ්ඩයේ මුල්තැන පළමු ඉලක්කයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.