ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හීරා අෂික්, ශාමල් දිසානායක, යසිත ද සිල්වා සහ සංඛ අතුකෝරල සමත් වූහ.
අද (18 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී හීරා අෂික්ට එරෙහිව ශාමල් දිසානායක තරග වැදීමට නියමිත අතර යසිත ද සිල්වාට එරෙහිව සංඛ අතුකෝරල තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ප‍්‍රසන්න අතාවුද පරාජය කරමින් ශාමල් දිසානායකද, අවින්ද්‍ර පෙරේරා පරාජය කරමින් හීරා අෂික්ද, දෙල්වර් හුසේන් පරාජය කරමින් සංඛ අතුකෝරලද, මදූෂ වීජේසූරිය පරාජය කරමින් යසිත ද සිල්වාද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයේ තරගවලදී සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වාට එරෙහිව ශාමල් දිසානායක සහ දිනේෂ්කාන්තන් තංගරාජාද, අවින්ද්‍ර පෙරේරා සහ විබුධ විජේබණ්ඩාරට එරෙහිව හීරා ආෂික් සහ තන්වීර් ආෂික්ද තරග වැදීමට නියමිතය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටේනියා සමාගම කටයුතු කරයි.
විවෘත පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.