Last Update  :  2026-01-01 17:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෆීස්ගේ පන්දු යැවීම සැකයට ලක්වෙයි

හෆීස්ගේ පන්දු යැවීම සැකයට ලක්වෙයි

Dilrukshi - 2015 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරුවා මෙන්ම අවස්ථානුකූල පිට දඟ පන්දු යවන්නා වන මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි විනිසුරුවරුන් නැවතත් පැමිණිලි කර තිබේ. යම් හෙයකින් පන්දුව දමාගැසීමේ චෝදනාවට හෆීස් නැවතත් වරදකරු වුවහොත් ඔහුට වසරක කාලයක් පන්දු යැවීමේ තහනමකට මුහුණ දීමට සිදුවන බවද අන්තර්ජාතික කි‍්‍රකට සභාව තහවුරු කරයි.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළ රිචඞ් ඉලිංවර්ත් සහ පෝල් රයිෆල් යන මහත්වරුන් විසින් මෙම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ කි‍්‍රස් බ්‍රෝඞ් මහතාට හෆීස්ගේ ඉරියව්ව පිළිබඳ පැමිණිළි කර තිබේ.

මෙම තරගයේදී ඉනිම දෙකේදීම පන්දු යැවූ හෆීස්, ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී ලකුණු 40 කට කඩුලූ 2 ක් දවාගත්තේය. දෙවැනි ඉනිමේදීත්  ඕවර 10 ක් යැවූ නමුත් ඔහුට කඩුල්ලක් දවාගත නොහැකි වූ නමුත් තරගයෙන් පාකිස්තානු පිල කඩුලූ 10 කින් ජයගත්තේය.

මොහොමඞ් හෆීස් තවත් දින 14 ක් ඇතුළතදී තවත් පරීක්‍ෂණයකට මුහුණ දිය යුතු නමුත් එම කාලය තුළදී ඔහුට පන්දු යැවීමේ තහනමක් නැත.

පන්දුව දමාගැසීමේ චෝදනාවට වතාවක් වරදකරුවකු වූ පන්දු යවන්නකුට පන්දු යැවීමේ අවසරය ලැබීමෙන් පසුව වසර දෙකක කාලයක් තුළදී  දෙවැනි වරටත් පන්දුව දමාගැසීමේ චෝදනාවට වැරදිකර වුවහොත් වසරක කාලයක් පන්දු යැවීම තහනම් කිරීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නියමයයි.

මීට පෙරද පන්දුව දමාගැසීමේ චෝදනාවට වරදකරු වූ මොහොමඞ් හෆීස්ට දෙවැනි වර පන්දු යැවීමේ අවසරය ලැබුණේ පසුගිය අපේ‍්‍රල් මස 21 වැනිදාය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නවසීලන්ත පිලට එරෙහිව අබුඩාබි හිදී පැවැති ටෙස්ට් තරගයකදී සහ ශූරයන්ගේ ලීග් විස්සයි:20 තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට හෆීස් චෝදනා ලැබීය. පසුව එංගලන්තයේ ලෆ්බරෝහිදී පරීක්‍ෂණයකට මුහුණ දුන් හෆීස් පන්දු යැවීමේදී අත අංශක 15 ට වඩා නැමෙන බව පරීක්‍ෂණ වලින් තහවුරු විය.

 


අදහස් (0)

හෆීස්ගේ පන්දු යැවීම සැකයට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.