Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයේ පහරින් තමන්ගේම කාරයේ වීදුරුව බිඳී

හයේ පහරින් තමන්ගේම කාරයේ වීදුරුව බිඳී

editorial - 2021 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාමාන්‍යයෙන්, පිතිකරුවෙකු දැවැන්ත හයේ පහරක් ගැසූ විට, ඔහු හෝ ඇය ඒ මොහොතේ බොහෝ ප්‍රීතියට පත්වන අතර, සීමාවට ඉහළින් ඉගිලීයන පන්දුව දෙස බලාහිදිමින් විශාල සතුටක් භුක්ති විඳී.  කෙසේ වෙතත් එංගලන්තයේ ශාන්ත මරියා ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන අසීෆ් අලී මුහුණ දුන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකටය. 

අසිෆ් අලී, තමන් ගැසූ හයේ පහර ගැන බොහෝ කණගාටුවට පත්විය. ඊට හේතුව වූයේ අලීගේ හයේ පහරින් ඔහුගේම මෝටර් රථයේ පිටුපස වීදුරුව කුඩු වී යාමයි. 

මෙම සිදුවීම එංගලන්තයේ පහළ මට්ටමේ ක්‍රීඩා සමාජ දෙකක් අතර පැවැති තරගයකදී සිදුවී තිබේ. අසීෆ්ගේ දැවැන්ත හයේ පහර දෙස බලා සිටීම ඔහුට හැර අන් සියල්ලන්ටම සතුටට කරුණක් විය. කල් වේලා මැන බලා පිතිකරුවා පන්දුව සීමාවට ඉහළින් යැවූ නමුත් පන්දුව ඔහුගේම මෝටර් රථයේ පිටුපස විදුරුවේ වැදී වීදුරුව බිඳී ගියේය. 

හැලිෆැක්ස් ක්‍රිකට් ලීග් තරගාවලියේ ක්‍රොස්ලි පලිහ ශූරතාව සඳහා පසුගිය ඉරිදා (20 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මෙම හාස්‍යජනක සිදුවීම සිදුවී ඇත. ශාන්ත මරියා ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩාකළ අසිෆ්, තමන් වෙත ආ කෙටි පන්දුවක් ස්ක්වෙයාර් ලෙග් කලාපයෙන් සීමාවෙන් එපිටට යැව්වේය. 

පන්දුව තමන්ගේම මෝටර් රථයේ පිටුපස වීදුරුව කුඩු කරමින් රථය ඇතුළට කිඳා බසිද්දී විනිසුරුවරයා එය ලකුණු 6 ක් ලෙසින් සංඥා කළේය. නරඹන්නේ ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ. එහෙත් අසීෆ් පිටිය මැදම දණගසා දෑතින් හිස බදාගත්තේ තමන්ට සිදුවූ පාඩුවට වගකිය යුත්තේ තමන්ම බැවිනි. 

එම පහරේ වීඩියෝව සහ අසීෆ්ගේ ප්‍රතිචාරය මේ වනවිට ට්විටර් සමාජ ජාලය තුල වේගයෙන් පැතිරී යයි. 

අසීෆ් කල් වේලා බලා පන්දුව පිටියෙන් ඉවතට යැවූවද එය ඔහුගේ මෝටර් රථයට සිදුවන හානිය ගැන ඔහු කිසි විටෙකත් නොසිතන්නට ඇත. පන්දුව කාර් රථයේ පිටුපස වීදුරුවේ වැදීමත් සමගින් දැඩි ශබ්දයක් ඇසෙන බැවින් හානිය දැඩි වියයුතු බව ඔහු සිතන්නට ඇති බව වීඩියෝව බැලූ විට පැහැදිලිවේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අසීෆ් තණතීරුව මත දණ ගසා ගැනීමත් සමගින් සියල්ලන්ටම හිනාවක් ඇති විය. මේ අතර ප්‍රේක්‍ෂකයකු අසිෆ්ගෙන් තවත් ඉල්ලීමක් කළේය. 

“අසීෆ්, කරුණාකර අපට ඔබේ කාරයේ යතුර දෙන්න පුලුවන් නම් ඔබේ මෝටර් රථය විවෘත කර පන්දුව ආපසු ලබා ගත හැකිද?” යැයි යයි ඔහු ඉල්ලා සිටියේය. 

විඩියෝව නැරඹීමට

- යෝක්ෂයර් ඊවිනින්ග් පුවත්පත අනුග්‍රහයෙනි

- 2079


අදහස් (0)

හයේ පහරින් තමන්ගේම කාරයේ වීදුරුව බිඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.