Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා

හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේ හිටපු පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය බිය නොවන බව බංග්ලාදේශ එක්දින පිලේ නායක මෂ්රාෆි මොර්ටසා පවසයි. බංග්ලාදේශයේ ශ්‍රේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී බංග්ලාදේශ නායකයා වාර්තාකරුවන් හමුවේ එසේ කීවේය.


බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට (19 වැනිදා) පැවැත්වෙයි. මෙම තරගයට පොරතුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මොර්ටසා එසේ පැවසීය.


“අවංකවම කියනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමේ” මොර්ටසා පැවසීය.


“මගේ මනසේ ඉතුරු වෙලා තියෙන්නේ ජයග්‍රහණය ගැන මතක විතරයි. තරගය ජයග්‍රහණය ගැන හිතනවා ඇරෙන්න වෙන හිතන්න කිසිම දෙයක් නෑ.....ඕනෑවට වඩා හිතන්න ගියොත් වෙන්නේ පීඩනය වැඩි වෙන එක විතරයි” යයි කී මොර්ටසා


“හැමෝම හිතන්නේ කණ්ඩායමක් එක්ක තියෙන තරගයක් ගැනයි. තනි පුද්ගයකුට එරෙහිව තියෙන තරගයක් ගැන නෙමේ” යයිද පැවසීය.


නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ නව නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් නව වසර ආරම්භ කළ නමුත් පළමු තරගයේදීම සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකා පිලට අත්වූයේ ලකුණු 12 ක පරාජයකි. තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ මෙම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වූ බැවිනි. එබැවින් හෙට පැවැත්වෙන තරගයට මැතිව්ස්ගේ සේවය ශ්‍රී ලංකා පිලට අහිමි වෙයි.


සිම්බාබ්වේ පිල මෙන්ම බංග්ලාදේශයට මේ වන විට තමන්ගේ පළමු වටයේ තරග ජයග්‍රහණය කර ඇති බැවින් තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජයගත යුතුව තිබේ.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වන තිලාන් සමරවීර මහතා කියන්නේ හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවීමෙන් ශ්‍රී ලංකා පිලට විශේෂ වාසියක් නොලැබෙන බවයි.


“විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී හැමෝම එක කාමරයේදී මුණගැසෙනවා....දැන් ක්‍රිකට් ලෝකයේ රහස් නෑ.” යයි සමරවීර මහතා පැවසීය.
සමරවීර මහතාද බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පිතිහරඹ පුහුණුකරුවා වෙයි.


අදහස් (0)

හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.