Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.සී.සී. - එන්.සී.සී. තරගයේදී ශතක 5 ක්
අන්තර් සමාජ ක්‍රිකට්

සී.සී.සී. - එන්.සී.සී. තරගයේදී ශතක 5 ක්

editorial - 2025 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ශතක 5 ක් වාර්තා කිරීමට දෙපිලේ ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගය ඊයේ (2 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක හයේ පහර 9 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 194 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ලසික් කෲස්පුල්ලේ ලකුණු 128 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 16 ක් සමගිනි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් නායක සහන් ආරච්චිගේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 125 ක්ද, කමිල් මිෂාර හතරේ පහර 10 ක් සමග ලකුණු 119 ක්ද, කවීන් බණ්ඩාර හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 110 ක්ද රැස්කිරීමට සමත් වූහ. 


සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 474
(ලසිත් කෲස්පුල්ලේ 128, පවන් රත්නායක 194, අංජල බණ්ඩාර 85, චාමික කරුණාරත්න 76/3, අසේල් සිගේරා 52/2, ලසිත් ඇඹුල්දෙණිය 111/2) 

එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 476
(කමිල් මිෂාර 119, සහන් ආරච්චිගේ 125, කවීන් බණ්ඩාර නොදැවී 110, අෂීන් ඩැනියෙල් නොදැවී 63, චතුරංග ද සිල්වා 94/3) 


අදහස් (0)

සී.සී.සී. - එන්.සී.සී. තරගයේදී ශතක 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.