Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙන්ටි මීටරයක වෙනසකින් වසර 19 ක වාර්තාවක් බිඳ වැටේ
ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා - පළමු දිනය

සෙන්ටි මීටරයක වෙනසකින් වසර 19 ක වාර්තාවක් බිඳ වැටේ

editorial - 2025 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (12) ආරම්හ වූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දිනය නිමා වන විට නව වාර්තා පහක් බිහිවී තිබුණි. එහිදී වසර 19 කට පසුව උස පැනීම - වයස 18 න් පහළ (බාලිකා) ඉසව්වේ නව වාර්තාව සෙන්ටි මීටරයක වෙනසකින් පිහිටුවීමට රත්නපුර ජනාධිපති විදුහලේ මිහින්සා දෙව්මිණී අබේරත්න සමත් වූවාය. ඒ මීටර 1.74 ක දක්ෂතාවයක් දක්වමිනි.

එහිදී ඇය අතින් බිද වැටුණේ වසර 2006 දී කොළඹ දේවී බාලිකා විදුහලේ  දුලාංජලී රාජපක්ෂ විසින් මීටර 1.73 කට පිහිටුවා තිබූ එහි එතෙක් පැවැති වාර්තාවයි.

හොරණ තක්ෂිලා මධ්‍ය මහ විදුහලේ සිසුන් දෙදෙනෙකු විසින් මිටිය විසි කිරීම ඉසව්වෙන් නව වාර්තා දෙකක් පිහිටුවීමත් ඊයේ කැපී පෙණුනි. මිටිය විසි කිරීම - වයස 16 න් පහළ  (බාලක) ඉසව්වෙන් මීටර 40.68 කට එස්.එම්. කරුණාරත්න හා එහි වයස 18 න් පහළ (බාලිකා) ඉසව්වෙන් ශලෝමි ජයකොඩි මීටර 40.81 කට ඊයේ නව වාර්තා පිහිටු වූ තක්ෂිලා සිසුවෝ වූහ.

ශලෝමි එහිදී නව වාර්තාව පිහිටුවන විට ඉසව්වේ දෙවැනි තැනට පත් කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සසිනි පෙරේරා මීටර 36.92 කට පැරණි වාර්තාව අභිබවා යමින් දක්ෂතා දක්වා තිබුණි.

මේ අතර ඊයේ සෙසු නව වාර්තාව යගුලිය විසි කිරීම -(බාලිකා - වයස 16 න් පහළ) ඉසව්වෙන් පිහිටුවූයේ කොළඹ විශාඛා විදුහලේ දිල්කි දෙව්මිණී කරුණාරත්න විසිනි. ඒ මීටර 12.68 ක දක්ෂතාවයකටය. ඒ ඇය විසින්ම 2024 තරගාවලියේදී මීටර 11.96 කට බිහි කර තිබූ එහි එතෙක් පැවැති වාර්තාව බිද දමමිනි.
     
මේ අතර දුර පැනීම - වයස 16 න් පහළ (බාලිකා) ඉසව්වෙන් මීටර 5.96 කට නව වාර්තාවක් ඊයේ පිහිටුවූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිලිනි රාජපක්ෂ විසිනි.

තරගාවලිය ඉරිදා (15) දක්වා සිව් දිනක් දියගම පිටියේදී පැවැත්වේ.


අදහස් (0)

සෙන්ටි මීටරයක වෙනසකින් වසර 19 ක වාර්තාවක් බිඳ වැටේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.