Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28 වැනිදා) පැවැති 10 වැනි තරගයේ ලකුණු සමවීම හේතුවෙන් පසුව යවන ලද සුපිරි ඕවරයේදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා තරගය ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.
කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිල පළමුව පන්දුවට පහරදීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
ආරම්භක පිතිකරුවන්වූ දෙව්දූත් පඩික්කාල් සහ ඒරන් ෆින්ච් මෙන්ම ඒ.බී.ඩිවිලියර්ස් අර්ධ ශතක රැස්කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. දෙව්දූත් පඩික්කාල් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් සහ ඒරන් ෆින්ච් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් ලබාගැනීමට සමත්වූහ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 24 කදී හයේ පහර සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 55 ක් ලබාගැනීමට සමත්විය.
ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳ දැමීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201 ක් පමණි. ඒ අනුව තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි ඕවරයක් යැවීමට සිදුවිය.
ඉෂාන් කිෂාන් සහ කරන් පොලාඞ් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ. සිය ශතකය අහිමිකර ගත් ඉෂාන් කිෂාන් පන්දු 58 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 99 ක් ලබාගත් අතර කරන් පොලාඩ් පන්දු 24 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් ලබාගත්තේය.
ඉෂාන් කිෂාන් සහ කරන් පොලාඞ් එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 119 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.
සුපිරි ඕවරයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුල්ලක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7 ක් පමණි.
පිළිතුරු ඉනිම ඇරඹූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අවසන් පන්දුවේදී සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 201
(දෙව්දූත් පඩික්කාල් 54, ඒරන් ෆින්ච් 52, ඒ.බී.ඩිවිලියර්ස් නොදැවී 55, ශිවම් ඩුබේ නොදැවී 27, ටේරන්ට් බෝල්ට් 34/2)
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 201
(ඉශාන් කිශාන් 99, කරන් පොලාඞ් නොදැවී 60, ඉසුරු උදාන 45/2)
- 2079
(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.