Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීම කාන්තා ඉසව්වේ සුදුසුකම් ලැබීමේ අදියරේදී මීටර් 6.42 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා අද (5 වැනිදා) සමත් වූවාය. කෙසේ වුවත් අගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වන්නේ මීටර් 6.65 කි.
ඇය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සුදුසුකම් ලැබීමේ අදියර සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් 18 දෙනා අතරින් 10 වැනියා බවට පත්වෙමිනි. අවසන් මහ තරගය සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකු තෝරාගනු ලැබිණ. සාරංගි සහභාගිවන දුර පැනීම අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (7 වැනිදා) රාත්‍රී 11.35 ට ආරම්භ වීමට නියමිතය.
සුදුසුකම් ලැබීමේ අදියරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ගයානා සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී ගයානාවේ ඩෙබෝරා ඇකුවා මීටර් 6.85 කද, ඕස්ට්‍රේලියාවේ බෘක් බච්කුවෙල් මීටර් 6.84 කද දුරක් පැනීමට සමත් වූහ. එහි තෙවැනි ස්ථානයට පත්වූ නයිජීරියාවේ එසේ බෘම්ගේ දක්ෂතාව වූයේ මීටර් 6.81 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.