Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ආසාදිතයකුගේ සමීපතමයකු වීම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානු නායක පැට් කමින්ස්ට අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.
තරගය අරම්භ කිරීමට පැය කිිහිපයකට පෙර හෙළිදරව් වූ තොරතුරු අනුව, කලින්දා රාති‍්‍රයේ ඇඩිලේඞ් නුවර ආපාන ශාලාවකදී පැට් කමින්ස් ආහාර ගනිමින් සිටි මේසයට යාබද මේසයේ සිටි අයකු කොරෝනා වයිරසය ආබාධිතයකු ලෙසින් හඳුනාගෙන ඇත.
හදිසියේම ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් හිටපු නායක ස්ටීවන් ස්මිත් නැවත වරක් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායකයා ලෙසින් පත්ව සිටී.
”ලෝකයේ අංක 1 වේග පන්ද යවන්නා වන පැට් කමින්ස් ඕස්ටේ‍්‍රලියානු නායකත්වයට පත්වූයේ හිටපු නායක ටිම් පේන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවය. එහෙත් කමින්ස්ට නායකත්වය දැරිය හැකිවූයේ බි‍්‍රස්බේන් ටෙස්ට් තරගයේදී පමණි.
ඇඩිලේඞ් ටෙස්ට් තරගය අද (16 වැනිදා) ආරම්භවීමට පැය කිහිපයක් තිබියදී රාතී‍්‍ර භෝජනය ගැනීමට ඇඩිලේඞ්හි ආපාන ශාලාවකට ගිය ඕස්ටේ‍්‍රලියානු නායකයා අසුන්ගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයකු සිටි මේසයක් අසළිනි.
තත්ත්වය හෙළිදරව් වීමත් සමගින් පැට් කමින්ස් හුදෙකළා කරනු ලැබ ඇති නමුත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණ වලදී කමින්ස්ට වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී තිබේ. එහෙත් දකුණු ඕස්ටේ‍්‍රලියානු රජයේ දැඩි නීතිරීති අනුව පැට් කමින්ස් සතියක කාලයක් සිය කාමරයට වී සිටිය යතුය.
එහි අනුයාත සිදුවීම වන්නේ වසර 2018 සිදුවූ පන්දුව පළුදු කිරීමේ තක්කඩිකමට පසුව, නැවත වරක් ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකත්වය ස්ටීවන් ස්මිත් වෙත හිමිවීමයි.
”ටෙස්ට් තරගය අහිමිවීම සම්බන්ධයෙන් මා මහත් පශ්චත්තාපයට පත්වෙනවා. ඒත් (මයිකල්) නේසර්ට ඕස්ටේ‍්‍රලියානු හිස්වැස්ම ලැබීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා” යයිද පැට් කමින්ස් පැවසීය.
ඇඩිලේඞ්හිදී පවතින කොරෝනා නීතිරීති අනුව, ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ට කුඩා කණ්ඩායම් වශයෙන් එක්ව, හෝටලයෙන් පිටතදී ආහාර ගැනීමට අවසර දී තිබේ. එහෙත් ජනාකීර්ණ ප‍්‍රදේශවලින් ඔවුන් ඈත්වී සිටිය යුතුය.
පැට් කමින්ස්, කිසිම ආකාරයකින් කොරෝනා නීති රීති කඩකර නැති බැවින් මේ මස 26 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භ වන ටෙස්ට් තරගයේදී ඔහුට කී‍්‍රඩා කළහැකි බව ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ප‍්‍රධානී නික් හොක්ලි මහතා කියයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.