Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමාරම්භක තරගයේදී ශූරයෝ - අනු ශූර‍යෝ ගැටෙති
එල්.පී.එල්. - 2022

සමාරම්භක තරගයේදී ශූරයෝ - අනු ශූර‍යෝ ගැටෙති

editorial - 2022 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර (2022) අගෝස්තු මස 1 වැනිදා ආරම්භවන අතර එහි සමාරම්භක තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී තරග බිමට පිවිසීමට නියමිතය.

2020 වසරේදී සහ 2021 වස‍රේදී පැවැති තරගාවලි දෙකේදීම අවසන් මහ තරගයට ක්‍රීඩා ක‍ළේ මෙම කණ්ඩායම් දෙකය. එම අවස්ථා දෙකේදීම ශූරතා දිනාගැනීමට යාපනය කණ්ඩායම සමත් වෙද්දී, ගාල්ල කණ්ඩායමට අනූ ශූරතාවලින් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙවර තරගාවලිය අගෝස්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහිදී තරග 24 ක් පැවැත්වීමට නියමිතය. ඉන් තරග 14 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද, සෙසු තරග 10 ‍හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

මූලික වටයේ තරග 20 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙක අතර අගෝස්තු මස 17 වැනිදා පළමු සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වෙනු ඇත. ඉන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

එම තරගයෙන් පරාජය වන කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 19 වැනිදා පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ජයගත යුතුය.

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහ‍නේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් දෙක අතර පරාජිතයන් ඉවත් කිරීමේ තරගය පැවැත්වෙන්නේද අගෝස්තු මස 17 වැනිදාය. අවසන් මහ තරගය අගෝස්තු මස 21 වැනිදා පැවැත්වේ. තරගාවලියේ දිවා තරග පස්වරු 3.00 ටද, රාත්‍රී තරග පස්වරු 7.30 ටද ආරම්භ වීමට නියමිතය.

ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ ස්ටාර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ. තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග සහ දසුන් ශානක පිළිවෙලින් එම කණ්ඩායම්වල නායකත්වය දරති.


අදහස් (0)

සමාරම්භක තරගයේදී ශූරයෝ - අනු ශූර‍යෝ ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.