Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් හෙට (14 වැනිදා) එස්.එස්.සී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිවි ඇත.
ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය සඳහා ටෙස්ට් ක‍්‍රීඩකයින් වූ රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, පැතුම් නිස්සංක, ඕෂද ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, අසිත ප‍්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප‍්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති සිව්දින තරගාවලියට නම් කළ සංචිතයේ සිටි කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් සහ චාමික ගුණසේකරත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට කැදවීමට පියවර ගෙන ඇත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ සංචිතය
චරිත් අසලංක (නායක), රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, පැතුම් නිස්සංක, ඕෂද ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, අසිත ප‍්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප‍්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන්, චාමික ගුණසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.