Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීටර 400 ක ධාවන පථයකින් සමන්විත සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය පසුගියදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. රත්නපුර නව නගරයේ සීවලී විද්‍යාලයට මායිම්ව පිහිටි මෙම ක්‍රීඩා සංකීර්ණය මීටර 50 ක පිහිනුම් තටාකයකින්, ගෘහස්ථ ක්‍රීඩාංගණයකින් සහ පාපන්දු ක්‍රීඩාංගණයකින් ද සමන්විත වෙයි.
මෙම ක්‍රීඩාංගණයේ කොටසක් නායගොස් තිබූ අතර එය පිළිසකර කිරීමෙන් පසුව මීටර 400 ක, තණකොළ සහිත ධාවන පථයකින් සහ ධාවන පථය ඇතුළත පාපන්දු, රග්බි සහ මලල ක්‍රීඩා පිටියේ ඉසව් පැවැත්වීම් පූර්ණ පහසුකම් වලින් එය සමන්විත කරනු ලැබ තිබේ. ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව පාසල් දරුවන් සඳහා පාපන්දු පුහුණු සැසියක් පවත්වන ලදි.
මෙම ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර යන මහත්වරු ද සහභාගි වූහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.