එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ එසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර ලන්ඩන්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර ලකුණු 52 ක් ලබා සිටියදී නවසීලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක ජෙසී රයිඩර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය.
පන්දු 103 කදී වාර්තා වූ සංගක්කාරගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එසෙක්ස් ප‍්‍රාන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සරේ ප‍්‍රාන්ත පිලට ආරාධනා කර සිටි අතර පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට සරේ ප‍්‍රාන්ත පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියේය.
සංගක්කාරට අමතරව රෝරි බර්න්ස් (78) සහ ස්ටීවන් ඬේවිස් (නොදැවී 69) ද සරේ ප‍්‍රාන්ත පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙසී රයිඩර් ලකුණු 54 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.
සරේ ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 293
(රෝරි බර්න්ස් 78, සෆාර් අන්සාරි 18, කුමාර් සංගක්කාර 52, කෙවින් පීටර්සන් 32, ස්ටීවන් ඬේවිස් නොදැවී 69, ගැරී විල්සන් 23, ජෙසී රයිඩර් 54/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.