ශ්‍රී ලංකාව වසරකට වැඩි කාලයක් ලෝක විස්සයි20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැුක ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී හෙට (13) රාත‍්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේ ප‍්‍රතිඵලය ශ්‍රී ලංකාවට අංක 1 ස්ථානය රැුක ගැනීමේ කඩඉමක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව තවදුරටත් අන්තර්ජාතික වි:20 ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය රැක ගැනීමට නම් හෙට තරගය ජය ලැබිය යුතුය. එසේ නොවුණ හොත් විස්සයි20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ආරම්භ වීමෙන් පසුව පළමු වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම පහළට ඇද වැටේ.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලෝක කුසලාන අවසන් මහ තරගය පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිල සහභාගි වූ විස්සයි20 තරග 10 න් තරග පහක් ජය ලැබීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය. ශී‍්‍ර ලංකාව තරග තුනක් පරාජයට පත්ව ඇති අතර තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
මෙම කාලය තුළ ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන තරග 5 කදී ලකුණු ලකුණු 111 ක් ද, කුමාර් සංගක්කාර තරග 5 කදී ලකුණු 139 ක් ද, තිලකරත්න ඩිල්ෂාන් තරග 7 කදී 173 ක් ද, රැස්කර තිබේ.
ශ්‍රී ලංකා පිලේ ප‍්‍රවීණතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග එම කාලය තුළ තරග 7 කදී කඩුලූ 7 ක් ද, විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයේ පසු වන අජන්ත මෙන්ඩිස් තරග 7 කදී කඩුලූ 5 ක් ද, නුවන් කුලසේකර තරග 7 කදී කඩුලූ 8 ක් ද, දවා ගැනීමට සමත්ව සිටිති.
තරග ප‍්‍රතිඵල
ශ්‍රී ලංකාව (74/7) සහ නවසීලන්තය (6/0) අතර තරගය විසඳුමකින් තොරව අවසන්
ශ්‍රී ලංකාව (139/5) විසින් ඕස්ටේ‍්‍රලියාව (137/3) කඩුලූ 5 කින් පරාජය කරන ලදී.
ශ්‍රී ලංකාව (161/4) විසින් ඕස්ටේ‍්‍රලියාව (119/3) ලකුණු 2 කින් පරාජය කරන ලදී.
ශ්‍රී ලංකාව (198/5) විසින් බංග්ලාදේශය (181/7) ලකුණු 17 කින් පරාජය කරන ලදී.
දකුණු අප‍්‍රිකාව (115/6) විසින් ශ්‍රී ලංකාව (103/9) ලකුණු 12 කින් පරාජය කරන ලදී
දකුණු අප‍්‍රිකාව (145/6) විසින් ශ්‍රී ලංකාව (123/7) ලකුණු 22 කින් පරාජය කරන ලදී
ශ්‍රී ලංකාව (164/4) විසින් දකුණු අප‍්‍රිකාව (163/3) කඩුලූ 6 කින් පරාජය කරන ලදී
වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව (143/2) විසින් නවසීලන්තය (142/7) කඩුලූ 8 කින් පරාජය කරන ලදී
පාකිස්තානය (146/7) විසින් ශ්‍රී ලංකාව (145/5) කඩුලූ 3 කින් පරාජය කරන ලදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.