Last Update  :  2026-01-10 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍රමත් ඉයන් බොතම් ශී‍්‍ර ලංකාවේ පාගමනක

ශී‍්‍රමත් ඉයන් බොතම් ශී‍්‍ර ලංකාවේ පාගමනක

ශනුක අරවින්ද - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

වසර 16 ක අතිශය කීර්තිමත් කි‍්‍රකට් තරග දිවියකින් අනතුරුව සමාජ සත්කාර ව්‍යාපෘති ගණනාවකටම සම්බන්ධවී සිටින ශී‍්‍රමත් ඉයන් බොතම් දින අටක පා ගමනක් සඳහා දිවයිනට පැමිණ සිටී. මෙම පා ගමන හෙට (1 වැනිදා) කිලිනොච්චියේ සිට මාන්කුලම් දක්වා පැවැත්වේ.

හෙට සිට දින අටක් පුරා පැවැත්වෙන මෙම පාගමන ‘බීෆී’ස් බිග් ශී‍්‍ර ලංකා වෝක්’ යනුවෙන් නම්කර තිබේ. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගර 8 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම පාගමනට ඇතුළත් වන සම්පූර්ණ දුර ප‍්‍රමාණය කිලෝමීටර 160 කි.

‘බීෆි’ යනු ශී‍්‍රමත් ඉයන් බොතම් එංගලන්තය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කළ සමයේදී කණ්ඩායමේ සගයන් විසින් ඔහුව හඳුන්වන ලද අන්වර්ථ නාමයයි.

ශී‍්‍රමත් ඉයන් බොතම් සමග මෙම පා ගමනට සහභාගි වීම සඳහා ඔහුගේ බිරිඳ වන කැතරින් බොතම් ආර්යාවද දියණිය වන සේරා බොතම් මෙනවියද ශී‍්‍ර ලංකාවට පැමිණ සිටිති. සේරා බොතම් මෙනවිය ඉකුත් මාසයක පමණ කාලයක් පුරා ශී‍්‍ර ලංකාවේ රැඳී සිටිමින් මෙම පාගමනට අවශ්‍ය කටයුතු සම්පාදනය කළාය.

පාගමනට සහභාගි වීම සඳහා කිලිනොච්චිය බලා පිටත්ව යාමට පෙර කටුනායක ආඩිඅම්බලම මහා විද්‍යාලයේ දරුවන් හමුවූ ශී‍්‍රමත් ඉයන් බොතම් සහ ආර්යාව ඔවුන්ට කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමේ උපකරණ තොගයක්ද පිරිනැමූහ. මෙම කි‍්‍රකට් උපකරණ ශී‍්‍ර ලන්කන් ගුවන්සේවයෙන් පරිත්‍යාග කරන ලද්දකි.

කොළඹදී අද (31 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවකදී ශී‍්‍රමත් ඉයන් බොතම් පැවසුවේ තමන් විසින් මීට පෙර සම්න්ධවූ පාගමන් වලට වඩා මෙම පාගමන ඉතාමත් අභියෝගාත්මක එකක් වන බවයි.

”උණුසුම කොහොමටත් තියෙනවා. ඒත් මෙහි තිබෙන අධික දහදිය දැමීමේ තත්ත්වය නිසා අපට හුගාක් ජලය පානය කරන්න වෙයි” යයිද ශී‍්‍රමත් ඉයන් බොතම් පැවසීය.

වසර 1976 දී අගෝස්තු 26 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් එංගලන්ත වර්ණ දිනාගත් ඉයන් බොතම්, 1977 දී  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව නොටිංහැම්හිදී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි විය.

කි‍්‍රකට් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතළොස්ස අතරේ අදටත් වැජඹෙන ශී‍්‍රමත් ඉයන් බොතම් අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 1000 ක් සහ ටෙස්ට් කඩුලූ 100 ද්විත්වය සම්පූර්ණ කළ කී‍්‍රඩකයාය.

ටෙස්ට් තරගයක ඉරණම වරුවක් තුළදී කණපිට පෙරළීමට සමත් කී‍්‍රඩකයකු සේ සැලකුම් ලද ඉයන් බොතම්ගේ විශිෂ්ටම දස්කම් වලින් එකක්සේ සැලකෙන්නේ 1981 ‘අළු බඳුන’ තරගාවලියේදී ලීඞ්ස්හි පැවැති තරගයේදී බොබ් විලිස් සමග එක්ව පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද කළ හපන් කමයි.

එම තරගයේදී ලකුණු 227 ක මුල් ඉනිමේ අවාසියක්ද සහිතව, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත පිල වෙනුවෙන් දෙවැනි ඉනිමේදී ලකුණු 149 ක් ලබාගැනීමට ඉයන් බොතම් සමත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසින්  ඕස්ටේ‍්‍රලියානු පිලේ ඉලක්කය ලකුණු 130 ක් විය. එහෙත් බොබ් විලිස්ගේ (43/8) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් එංගලන්ත පිලට ලකුණු 18 ක ජයක් ලැබුණු අතර බොතම් එම තරගයේ පළමු ඉනිමේදී  ඕස්ටේ‍්‍රලියානු කඩුලූ 6 ක් ද දවාගෙන තිබිණ. පසුව මෙම තරගාවලිය 3 - 1 ක් ලෙසින් ජයගැනීමටද එංගලන්ත පිල සමත් විය.

1980 දශකය මැද භාගයේදී  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නකු වූ ඩෙනිස් ලිලී සතුව පැවැති ටෙස්ට් කඩුලූ 355 ලෝක වාර්තාව තමන් සතු කරගනිමින් එය කඩුලූ 383 දක්වා ඉහළ දැමීමටද ඉයන් බොතම්ට හැකි විය. ටෙස්ට් තරග 102 කට සහභාගි වූ ඉයන් බොතම් 1992 දී ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට පිත්තෙන් ලකුණු 5200 ක් රැස්කර සිටි අතර කඩුලූ 383 ක් දවාගෙන සිටියේය.

කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් දැක්වූ දස්කම් සහ විශේෂයෙන්ම සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් ඔහුගේ දායකත්වයද සැලකිල්ලට ගත් බි‍්‍රතාන්‍යයේ II වැනි  එළිසබෙත් මහරැජන විසින් ඉයන් බොතම් මහතාට වසර 2007 දී නයිට් පදවිය පිරිනමන ලදි.

මේ වන විට 57 වැනි වියේ පසුවන ශී‍්‍රමත් ඉයන් බොතම්, 1980 සිටම සමාජ සත්කාර ව්‍යාපෘති රැසකට දායක වන්නෙකි. ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ඇල්ප්ස් කඳු හරහා ගමන් කළ ශී‍්‍රමත් ඉයන් බොතම් වසර 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ, ඇතිව තිබූ විනාශකාරී තත්ත්වය දැක ගැනීමෙන් පසු ශී‍්‍ර ලංකාව වෙනුවෙන්ද ඉදිරිත් වීමට කැමැත්ත පළ කළේය.

ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගැනීමේ වත්මන් ලෝක වාර්තාවේ හිමිකරුවා වන මුත්තයියා මුරලිදරන් පැවසුවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය ඉතාමත් දීප්තිමත් බවත් මෙම පා ගමනෙන් එකතුවන මුදල් යොදවා කරනු ලබන ජීවන තත්ත්වය නැංවීමේ වැඩසටහන් තුළින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට වඩාත් දක්‍ෂ කී‍්‍රඩකයන් සොයාගත හැකි බවත්ය.

සුනාමියෙන් විපතට පත්වීම නිසා තමන්ට සියල්ලම එපා වීතිබූ මොහොතක නැවතත් කි‍්‍රකට් පිටියට පිවිසෙමින් ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම දක්වා පැමිණියේ සීනිගම ගුණ - ජය - සතුට  පදනම සහ එයින් තමන්ට ලැබුණු දිරිගැන්වීම නිසා බව පුලින තරංග පැවසීය. පුලින තරංග මේවන විට ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ කී‍්‍රඩා තරග වලට සහභාගි වෙයි. තවත් එවැනිම අසරණ තත්ත්වයට පත් දරුවකු වන ලක්රුවන් දක්‍ෂ තුන්ප‍්‍රයාම කී‍්‍රඩකයකු වෙමින් අන්තර්ජාතික තරග බිමට පිවිසියේත් සීනිගම ගුණ - ජය - සතුට  පදනමෙන් ලද දිරියෙනි.

ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායකයන් දෙදෙනකු වන ඇලන් බෝඩර් මෙන්ම ස්ටීවන් වෝ මහත්වරුන්ද මෙම පාගමනට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව ශී‍්‍රමත් ඉයන් බොතම් පැවසීය. ඕස්ටේ‍්‍රලියානු නායකයන් දෙදෙනා නොවැම්බර් 5 වැනිදා කොළඹදී පා ගමනට එක්වන බව සංවිධායකයෝ පවසති.

ශී‍්‍රමත් ඉයන් බොතම් සමග දීර්ඝ කාලයක් තිස්සේ සමාජ සත්කාර කටයුතු වළ නියැළෙන ලෝරියස් සුහදතා පදනම සහ සීනිගම කේන්ද්‍රකරගනිමින් පවත්වාගෙන යන ගුණ - ජය - සතුට  පදනම එක්ව මෙම පා ගමන සංවිධානය කෙරේ.

මෙම පා ගමනින් ලැබෙන සියලූම ආදායම් ලෝරියස් සුහදතා පදනම හරහා ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතා ඇති සමාජ කාණ්ඩවල දියුණුව සලසාදීමට වෙන්කෙරේ.

‘බීෆී’ස් බිග් ශී‍්‍ර ලංකා වෝක්’ පාගමනේ කාලසටහන
 

  • නොවැම්බර් 01 - කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය අසළ සිට මාන්කුලම් කි‍්‍රකට් කී‍්‍රඩාංගණය දක්වා
  • නොවැම්බර් 02 - අනුරාධපුර නගරයේ සිට රජරට විශ්වවිද්‍යාල කී‍්‍රඩාංගණය දක්වා
  • නොවැම්බර් 03 - සීගිරිය මෝටර් රථ නැවතුම්පොළේ සිට දඹුල්ල කී‍්‍රඩාංගණය දක්වා
  • නොවැම්බර් 04 - මහනුවර නගර මධ්‍යයේ සිට පින්නවල අලි අනාථාගාරය දක්වා
  • නොවැම්බර් 05 - කොළඹ ගාලූ මුවදොර කී‍්‍රඩාංගණයේ සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය දක්වා
  • නොවැම්බර් 06 - හම්බන්තොට නගර මධ්‍යයේ සිට සූරියවැව කි‍්‍රකට් කී‍්‍රඩාංගණය දක්වා
  • නොවැම්බර් 07 - මාතර නගර මධ්‍යයේ සිට ගාල්ලේ ෆෝට්ට‍්‍රස් හෝටලය දක්වා
  • නොවැම්බර් 08 - ගාල්ල නගර මධ්‍යයේ සිට සීනිගම  ඕවල් කී‍්‍රඩාංගණය දක්වා

ඡයාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා


 


අදහස් (2)

ශී‍්‍රමත් ඉයන් බොතම් ශී‍්‍ර ලංකාවේ පාගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.