Last Update  :  2025-12-03 17:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා 17 න් පහළ පිල ලකුණු 107 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා 17 න් පහළ පිල ලකුණු 107 ක් ඉදිරියෙන්

editorial - 2025 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියහ. 

ඒ අනුව ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රීඩකයන් බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායමට වඩා ලකුණු 107 ක් ඉදිරියෙන් සිටින අතර තරගය ජය ගැනීම සඳහා ඔවුන්ට හෙට (4 වැනිදා) දිනයේදී දවාගත යුතුව ඇත්තේ තවත් කඩුලු 4 ක් පමණි. බංග්ලාදේශ පළමු ඉනිමේදී කඩුලු 3 ක් දවාගත් හිමරු දේෂාන්, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය. 

දෙරට අතර පැවැති පළමු තරගය ජය ගැනීමට බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම සමත් වූ බැවින් ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට 1-1 ක් ලෙස මෙම තරගාවලිය සම තත්වයට පත් කිරීමටද අවස්ථාව උදාවනු ඇත. 

පළමු දිනය වූ ඊයේ (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 152 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා බංග්ලාදේශ කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

පළමු දිනය අවසානයේ ලකුණු 114 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ නායක රෙහාන් පීරිස්, අද දිනයේදී සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 182 ක් දක්වා ඉහළ දමාගැනීමට සමත් වූයේ එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් අලංකාර කරමිනි. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජේසන් ප්‍රනාන්දු ලකුණු 65 ක් රැස්කළේය. 

 

බංග්ලාදේශ 17 න් පහළ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 122 
(සෞරව් කර්මකාර් 42, කව්සර් අහමඩ් 21, මනිත රාජපක්ෂ 22/3, මිනුග නෙත්සර 34/3, හිමරු දේෂාන් 44/3) 

ශ්‍රී ලංකා 17 න් පහළ පිල - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 335 
(රෙහාන් පීරිස් 182, ජේසන් ප්‍රනාන්දු 65, මනිත රාජපක්ෂ නොදැවී 27, ස්ටොවොන් පීරිස් 19, හිරුන් මතීෂ 18, සහිදුල් ඉස්ලාම් 114/5) 

බංග්ලාදේශ 17 න් පහළ පිල - දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී 106
(ලෝරන්ස් රෝයි 26, ජුනේඩ් හොසේන් නොදැවී 25, රකිබුල් හොසේන් 23, සෞරව් කර්මකාර් නොදැවී 19, හිමරු දේෂාන් 33/5)  

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා 17 න් පහළ පිල ලකුණු 107 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.