Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් සටන හෙට
කාන්තා තුන්කොන් තරගාවලිය

ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් සටන හෙට

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය‍ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර හෙට (11 වැනිදා) පෙරවරු 10.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා මෙම තරගය නොමිලේ නැරඹී‍මේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (9 වැනිදා) පැවැති අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුවද, ‍එම තරගයටත් පෙරාතුවම දකුණු අප්‍රිකාවට අවසන් තරගයේ දොර වැසී තිබිණ. ඊට හේතුව වූයේ සහභාගි වූ මුල් තරග 3 දීම ඔවුන් පරාජයට පත්ව තිබීමය. 

මූලික වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. තරග 3 කට සහභාගි වෙමින් තරග 2 ක් ජයගත් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් තරගයේ දොරටු විවර වූයේ ඉකුත් බදාදා (7 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමගිනි. 

ඊයේ පැවැති තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවා නම් ඔවුන්ට ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව තිබිණ. මේ දින වන පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් හෙට දිනයේදී අවසන් තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩක් පවතී.  

කෙසේ වුවත් මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා අතිරේක දිනයක් යොදා නොමැති බැවින් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අවසන් මහ තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වුවහොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව  තරගාවලියේ සම ශූරියන් බවට පත්වනු ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.