Last Update  :  2025-11-06 20:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය වෙල්ලාලගේට

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය වෙල්ලාලගේට

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන 2025 නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිව තිබේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ දෝහා අග නුවරදී පැවැත්වීමට නියමිතය. 

2022 වසරේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දැරූ වෙල්ලාලගේ මේ වන විට ටෙස්ට් තරගයකදී, එක්දින ජාත්‍යන්තර තරග 31 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 6 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. 

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වේ. එහිදී ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ හොංකොං රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත. 

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට නිෂාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ප්‍රමෝද් මධුෂාන් සහ මිලාන් රත්නායක වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර වරම් ලැබූ ක්‍රීඩකයෝද ඇතුළත්ව සිටිති. 

ඔවුන් අතරින් මේ වන විට 30 වැනි වියේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් තරග 16 කට, එක්දින තරග 4 කට සහ විස්සයි-20 තරග 4 කට ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුලු 71 ක්, එක්දින කඩුලු 4 ක්, සහ විස්සයි-20 කඩුලු 2 ක් බිඳහෙළීමට සමත්ව ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකද ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර ඇත. 


ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම 
දුනිත් වෙල්ලාලගේ (නායක), විෂේන් හැළඹගේ, නිෂාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, කවිඳු ලිවේරා, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, ප්‍රමෝද් මධුෂාන්, ගරුක සංකේත්, ඉසිත විජේසුන්දර, මිලාන් රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ ටේ‍රවීන් මැතිව් 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය වෙල්ලාලගේට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.