Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
වර්ෂාව හේතුවෙන් ඕවර 6.3 ක් අවසානයේ තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. එහෙත් ඒ වන විට තරගය ජය ගැනීම සඳහා ඔවුන් ලකුණු 65 ක් ලබා සිටිය යුතු වූ බැවින් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රීඩිකාවන්ට ලකුණු 9 ක ජයක් හිමිවිය.
ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම වෙනුවෙන් ශිලෝ ජූලියන් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම වෙනුවෙන් චමෝදි ප්‍රබෝධා, රිස්මි සංජනා සහ අසේනි තලගුණ එක් කඩුල්ල බැගින් දවාගත්හ.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 9 කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රීඩිකාවෝ, ඕවර 9 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 83 ක් ලබාගත්හ. එහිදී ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි හතරේ පහර 5 ක් සමග පන්දු 16 කින් ලකුණු 25 ක්ද, නායිකා මනුදි නානායක්කාර හයේ පහරක් සහ හතරේ පහරක් සමග පන්දු 8 කින් ලකුණු 17 ක්ද රැස්කළහ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා පිල - ඕවර 9 කදී කඩුලු 6 කට 83
(සංජනා කාවින්දි 25, මනුදි නානායක්කාර 17, ලුසී ෆින් 16/2)
ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ කාන්තා පිල - ඕවර 6.3 කදී කඩුලු 4 කට 55
(ශිලෝ ජූලියන් 16)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.